tsunami-baby

සුනාමි බිලිඳා අභි­ලාෂ් ඊයේ (26) සිය නිවෙසේ ඉදි­කර ඇති සුනාමි ස්මාර­කය අබි­ය­සදී සුනාමි ව්‍යස­න­යෙන් මිය­ගිය තම ඥාතීන් සිහි කර පුෂ්පෝ­ප­හාර දැක්වීය. 2004 වසරේ සුනාමි රළ පහ­රින් කල්මුණේ උතුරු මූලික රෝහලේ ඒ වන විට ප්‍ර‍තිකාර ලබ­මින් සිටි ජය­රාසා අභි­ලාෂ් දරුවා 'සුනාමි බේබි 81' නමින් ලොව පුරා කතා­බ­හට ලක්වූයේ මාස දෙක­කුත් සති­යක් වය­සැති බිලි­ඳකු ලෙස සිටි­ය­දීය.



මේ බිලි­න්දාට මවු­ව­රුන් 09 දෙන­කුම අයි­ති­වා­සි­කම් කී නිසා එහි ඇති වූ නොස­න්සු­න්තාව හේතු­වෙන් රෝහල් කළ­ම­නා­කා­රී­ත්වය කල්මුණේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදි.

ඒ වෙනු­වෙන් මවු­ව­රුන් නව­දෙ­න­කු­ගේම ජාන පරී­ක්‍ෂ­ණ­ය­කට භාජන කරන ලෙස විනි­සු­රු­ව­රයා නියෝග කළේය. ඉන්පසු දින 52කට පසු ජය­රාසා සහ යුනි­තලා යුව­ළගේ පුත්‍ර‍යා, අභි­ලාෂ් බවට ඔප්පු විය.

පසුව අධි­ක­ර­ණ­යෙන් දරුවා ජය­රාසා යුනි­තලා යුව­ළට භාර දෙන ලදි. දැනට මඩ­ක­ල­පුව කුරු­ක්ල­ම­ඩම් ගම්මා­නයේ වෙසෙන අභි­ලාෂ් මේ වන විට විසි හැවි­රිදි වියේ පසු­වෙයි.
(මඩ­ක­ල­පුව ටී.එල්. ජව්ෆ­ර්කාන්)