walampuri-madampe

මිල අධික වාල­ම්පුරි 4ක් අලෙවි කිරී­මට තැත් කළ පුද්ග­ල­යන් දෙදෙ­නකු පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත මාදම්පේ පොලිස් වසමේ හා වෙන්න­ප්පුව පොලිස් වස­මේදී වැට­ලීම් 2ක් සිදු කර ඇති අතර, එහිදී නීති විරෝධි ලෙස මිල කළ නොහැකි වාල­ම්පුරි 4ක් අලෙවි කිරී­මට ගිය මාදම්පේ හා වෙන්න­ප්පුව ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 41 හා අවු­රුදු 42 වයසේ පසු වන පුද්ග­ල­යන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කරු­ව­ල­ග­ස්වැව වන­ජීවී කාර්යා­ලය වෙත භාර දී ඇති බව නාවික හමු­දාව පව­සයි.



පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි කලාප අණ දෙන නිල­ධාරි මහ­නු­වර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිෂේධ ප්‍රනාන්දු මහ­තාගේ මඟ­පෙ­න්වීම මත සහ­කාර පොලිස් අධි­කාරි අබේ­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් විශේෂ කාර්ය බළ­කාය පුත්ත­ලම කද­වුරේ කඳ­වුර අණ දෙන නිල­ධාරී ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.එස්. පුෂ්ප­කු­මාර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ වැට­ලීම කර තිබේ.
(රක්ෂණ ශ්‍රියන්ත, හිරාන් ප්‍රියං­කර)