වටවල ප්රදේශයේ හඳුන් දිවියන් තිදෙනකු සැරිසැරීම හේතුවෙන් එම ප්රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්ත්වයන් පිළිබඳව පොලිසියටද පැමිණිලි කර ඇත.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ වටවල පොලිසියේ නිලධාරියකු පැවැසුවේ ප්රදේශයේ හඳුන් දිවියන් තිදෙනකු සැරිසරන බව පවසමින් පිරිසක් දැඩි බියකට පත්ව ඇති බවය.
නල්ලතන්නිය වන ජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවත්ය.
එම දැනුම්දීමෙන් පසුව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වටවල ප්රදේශයට පැමිණ එම හඳුන් දිවියන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.
නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ අඩවි සහකාර එම්. ඒ. ජී. දුනුවිල මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු පවසන ලද්දේ හඳුන් දිවියන් යනු මිනිසුන්ට හානි නොකරන සතකු බවත්ය.
හඳුන් දිවියන් මාළුවකු, මීයකු හෝ කුඩා බලු පැටවකු දඩයම් කළද මිනිසුන්ට කිසිදු හානියක් නොකරන බව ස්ථිර ලෙස පැවැසිය හැකි බවත් මෙම තත්ත්වයන් පිළිබඳව නොදන්නාකමින් මේ පිරිස් කලබලයට පත්ව ඇති බවත්ය.
කෙසේ වුවද ප්රදේශයේ ජනතාවගේ බිය සැක තුරන් කිරීම සඳහා මෙම හඳුන් දිවියන් අල්ලා වෙනත් රක්ෂිත ප්රදේශයකට රැගෙන යෑම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද දුනුවිල මහතා වැඩිදුරටත් පැවසීය.
වටවල සී. ඩී. එච්. හේවගේ
0 Comments