yoshitha-cid

අයථා ලෙස වත්කම් උපයා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රහස් පොලිසියට කැඳවා ඇත.යෝෂිත රාජපක්ෂ මහතාට ලබන 3 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සදහන් කළේය.




අයථා ලෙස වත්කම් උපයා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි, මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ ලබා ගෙන තිබිණි.පසුගිය රාජ්‍ය පාලන සමයේ අයථා ලෙස මුදල් හා දේපළ උපයා ගත් බවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනවලට අනුව ප්‍රකාශ ලබා ගැනීම සදහා ඔවුන් රහස් පොලිසීයට මෙලෙස කැඳවනු ලැබ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි, මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නත්,

විවිධ හේතු නිසා ඔහු එහි පෙනී නොසිටි අතර, පසුගිය 27 වැනිදා ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට සිද්ධියට අදාළව ප්‍රකාශ දී ඇතැයි එම ප්‍රකාශකයා සදහන් කළේය.


පසුගිය 27 වැනිදා උදේ 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශ දී පස්වරු 1.30ට පමණ රහස් පොලිසියෙන් පිටව ගිය බව ආරංචි මාර්ග සදහන් කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අයථා ලෙස වත්කම් උපයා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබන 3 වැනිදා රහස් පොලිසියට කැඳවනු ලැබ ඇත.එදින පෙරවරුවේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

( මනෝප්‍රිය ගුණසේකර)