ඉඩම් ආරවුල් සම්බන්ධ නඩු විභාග කර තීන්දු ලබාදෙමින් වසර පහක් තිස්සේ ව්‍යාජ අධිකරණයක් පවත්වාගෙන ගිය බව කියන ඉන්දියාවේ ගුජරාත් හි 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මොරිස් සැමුවෙල් ක්‍රිස්තියන් නමැති ඔහු 2019 දී ගාන්ධිනගර් ප්‍රදේශයේ මෙම "අධිකරණය" පිහිටුවා ඇති අතර ඉඩම් ආරවුල්වලට හසුව සිටින අහිංසක පුද්ගලයන් රවටා මේ වෙත ගොදුරු කරගෙන ඇත.
ඉඩම් නඩු සඳහා වැයවන අධික ගාස්තු වෙනුවට සාධාරණ ගාස්තුවක් අය කරන බව කියමින් ඔවුන්ට ඉක්මන් විසඳුම් ලබා දීමට පොරොන්දු වී මෙම රැවටීම කර ඇති බව පොලීසිය පවසයි. ක්‍රිස්තියන් තම සේවාදායකයින් රැවටීම සඳහා තම සහායකයින්ට අධිකරණ කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටීමට ද සලස්වා ඇත.
පොලිස් සටහනකට අනුව, සැකකරු "තමන් මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිට, තම සේවාදායකයින් වෙනුවෙන් සාවද්‍ය හිමිකම් ප්‍රකාශ ලබා දී, ගාන්ධිනගර් හි පිහිටුවා තිබූ ව්‍යාජ අධිකරණයේ සම්පූර්ණ මැදිහත්කරණ ක්‍රියාවලියක්" නිර්මාණය කර ඇත. ඔහුගේ "අධිකරණ ශාලාවේ" ඡායාරූප කිහිපයක් පෙන්නුම් කරන්නේ සැබෑ අධිකරණ ශාලාවක පෙනුම ලබා දෙන සියලු උපකරණ සමඟ විනිසුරුවරයෙකු මෙන් වාඩි වී සිටින ක්රිස්තියන්ය.
තමා සතුව පීඑච්ඩී උපාධියක් ඇති බව හඟවන ව්‍යාජ ඡායාරූපද ඔහු පාවිච්චි කර ඇත.
"ඔහු කාර්ය මණ්ඩලය හා නීතිඥයින් තබාගෙන අධිකරණයක පරිසරයක් නිර්මාණය කර විනිසුරුවරයෙකු ලෙස මූලාසනය හෙබවූ" බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ක්‍රිස්තියන් "තමන්ම නඩු ගොනු කර, නියෝග නිකුත් කර, කෝටි ගණනක වටිනාකමින් යුත් ඉඩම්වල හිමිකරුවන් බවට අයදුම්කරුවන් පත් කිරීමට උත්සාහ කර" ඇති බවද සඳහන් වේ.
පල්දි ප්‍රදේශයේ රජයේ ඉඩම් කැබැල්ලක් සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියමින් ක්රිස්තියන්ගේ සේවාදායකයෙකු වන බබ්ජුජි තාකුර් විසින් අහමදාබාද් කලෙක්ටර්වරයාට එරෙහිව නගර සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසු මෙම කරුණ හෙළි විය. තම අයිතිය ඔප්පු කිරීම සඳහා තාකුර් ක්‍රිස්තියන් විසින් වංචනික ලෙස ප්රදානය කරන ලද හිමිකම් සහතිකය ඉදිරිපත් කර තිබුණි.
ලේඛනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ක්‍රිස්තියන් විනිසුරුවරයෙකු නොවන බවත් ව්‍යාජ අධිකරණයක් පවත්වාගෙන යන බවත් අධිකරණ රෙජිස්ට්‍රාර් සොයාගත්තේය. ඉන්පසු ඔහු පොලීසිය වෙත යොමු විය.
ක්‍රිස්තියන් මෑතකදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පැවසීය.
0 Comments