Give-my-daughter-a-chance-too-Govindas-wife-Sunitha-angry-at-nepotism-makes-allegations

90 දශකයේ හින්දි සිනමාවේ සුප්‍රසිද්ධ නළු ගෝවින්දගේ බිරිඳ වන සුනීතා අහුජා මහත්මිය චිත්‍රපටවල දකින්නට නොලැබුණත්, ඇයගේ ප්‍රකාශ නිසා ඇය බොහෝ විට ඉන්දීය සිනමා මාධ්‍යයේ සිරස්තලවල රැඳී සිටියි. දැන් මෑතකදී, සුනීතා බොලිවුඩයේ ඥාති සංග්‍රහය ගැන කතා කර තිබෙන අතර ඇතැම් තරු ළමයින්ට පමණක් අවස්ථා ලබා දෙන ආකාරය ගැන විරෝධය පළ කර තිබෙයි.


ඔවුනගේ දියණිය ටීනාට රැකියාවක් කිරීමට අවශ්‍ය බවත්, නමුත් කිසිවෙකු ඇයට අවස්ථාව ලබා නොදෙන බවත් ඇය පවසන්නීය.
තරු ළමයි කීප දෙනෙකුට හැර අනෙක් අයට කිසිම අවස්ථාවක් හෝ වේදිකාවක් ලැබෙන්නේ නැතැයි ඇය රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කෝපයෙන් විස්තර කර තිබේ.

දුව ටීනාගේ වැඩ ගැන ඇය මෙසේ කීවාය.
"යාලුවනේ, අපට වැඩ කරන්න අවස්ථාවක් දෙන්න. ඥාති සංග්‍රහය නවත්වන්න. අනිත් අයටත් වැඩ කරන්න අවස්ථාවක් දෙන්න.

ඔය ඔක්කොම වැඩ කරන්නේ එකම කණ්ඩායමේ... එකම කණ්ඩායමේ අයනේ. පිටතින් බලන්න, තවත් මිනිසුන් වාඩි වී ඉන්නව මෙතැන. තවමත් ඇය වැඩ කිරීමට සූදානම්. වැඩක් ලැබුනොත් ඒක කරයි, වැඩ ගොඩක් කරන්නත් ආසයි.

බොලිවුඩයේ රැඳී සිටිය හැක්කේ කණ්ඩායමක කොටස්කරුවන්ට පමණක් බවත්, එම කණ්ඩායමේ නැති අය නොසලකා හරින බවත් සුනීතා වැඩිදුරටත් පැවසුවාය. හැමෝටම සමාන අවස්ථා ලැබිය යුතුයි. මේ කණ්ඩායම්වලට පිටින් දක්ෂතා ඇති අය ඕනෑතරම් ඉන්නවා, ඔවුන් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා. "දැන බලන්න ඔයා දැන් එකම නළුවා කී පාරක් දකිනවද? එපා වෙනව නේද"

ගෝවින්ද සහ සුනීතාගේ දියණිය ටීනා මින් ඉහත රඟපා ඇත.ඇය රංගනයට පිවිසියේ 2015 වසරේ ‘සෙකන්ඩ් හෑන්ඩ් හස්බන්ඩ්’ චිත්‍රපටියෙනි. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය අසාර්ථක වූ අතර මින් පසු ටීනාට වෙනත් අවස්ථාවක් ලැබුණේ නැත.