උතුරු චීනයේ හියුමන්මෙටාන්යුමෝවයිරස් (HMPV) ආසාදනවල අනුපාතය අඩු වෙමින් පවතින බව එරට නිල සෞඛ්‍ය නිලධාරි කණ්ඩායමක් ඉරිදා දින ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පැවසූහ. මෙය වසංගතයක් ලෙස පැතිරේද යන අනියත සැකය මතුකරමින් පැවතියදී ජාත්‍යන්තර අවධානයක් මධ්‍යයේ සිදුකළ නිල ප්‍රකාශයකි.
ශ්වසන සින්සිටියල් වයිරසය සමඟ එකම පවුලට අයත් HMPV මගින් උණ, කැස්ස සහ නාසය සිරවීම වැනි උණ හෝ සෙම්ප්‍රතිශ්‍යා ආකාර ලක්ෂණ ඇති කරයි. මෙම රෝග ලක්ෂණ බොහෝවිට ස්වයංව සුව වන නමුත්, ළමුන්, වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් අතර පහළ ශ්වසන මාර්ග ආසාදන ඇති කළ හැකිය.
"හියුමන් මෙටාන්යුමෝ " නව වයිරසයක් නොවන බවත්, අවම වශයෙන් දශක කිහිපයක් තිස්සේ මිනිසුන් සමඟ පැවතී ඇති පුරුදු දෙයක් බවත්," චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන වැන්ග් ලිපිං මහත්මිය චීන ජාතික සෞඛ්‍ය කොමිසම පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසීය.
2001 දී නෙදර්ලන්තයේදී මුලින්ම හඳුනාගත් මෙම වයිරසයේ රෝග කාරක සංඛ්‍යාව මෑත වසරවල වැඩි වීමට හේතුව වඩා හොඳ හඳුනාගැනීමේ ක්‍රම හේතු වී ඇති බව ඇය එක් කළාය.
"දැනට හියුමන් මෙටාන්යුමෝවයිරස් හඳුනාගැනීමේදී ධනාත්මක රෝග කාරක අනුපාතය උච්චාවචනය වන අතර, උතුරු පළාත්වල ධනාත්මක රෝග කාරක අනුපාතය පහළ යමින් පවතිනවා, වයස අවුරුදු 14ට අඩු රෝගීන් අතර ධනාත්මක රෝග කාරක අනුපාතය පහළ යාමට පටන් ගෙන තිබෙනවා," ඇය පැවසුවාය.
මුහුණු ආවරණ පැළඳගත් රෝගීන්ගෙන් රෝහල් පිරී ඇති ආකාරය පෙන්වන රූප අන්තර්ජාලයේ සංසරණය වීමෙන් පසු උතුරු චීනයේ HMPV ආසාදන ඉහළ යාම පිළිබඳ සැකයක් මෑත දිනවල මතු විය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ චීනයේ හෝ වෙනත් ස්ථානවල අසාමාන්‍ය වසංගත පිළිබඳ වාර්තා ලැබී නොමැති බවයි.
විශේෂඥයින් පවසන්නේ HMPV, COVID-19 වලට වඩා වෙනස් වන්නේ එය දශක ගණනාවක් තිස්සේ පැවතිමත් ඒ සඳහා යම් ස්වාභාවික ප්‍රතිශක්තියක් තිබිමත් නිසාය. බොහෝ ළමුන් වයස අවුරුදු 5 වන විට මෙම වයිරසයෙන් ආසාදිත වේ.
දැනට චීනයේ ජනතාවට බලපාන ශ්වසන රෝග දන්නා රෝග කාරකයන්ගෙන් ඇති වන බවත්, නව සංක්‍රාමික රෝග කිසිවක් පැන නැගී නොමැති බවත් වැන්ග් අවධාරණය කරමින් පැවසුවාය.
රට පුරා උණ සායන සහ හදිසි අනතුරු අංශවල රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නමුත්,
පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සාමාන්‍යයෙන් අඩු මට්ටමක පවතින බව මෙම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය කොමිසමේ වෛද්‍ය හදිසි ප්‍රතිචාර දැක්වීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ගාඕ සින්කියැන්ග් පැවසීය.
"වෛද්‍ය සම්පත්වල කිසිදු පැහැදිලි හිඟයක් නොමැත," ගාඕ පැවසීය.
රට පුරා උණ ආසාදන ජනවාරි මැද සිට අග දක්වා ක්‍රමයෙන් අඩු වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ.
HMPV සඳහා එන්නත් හෝ ඖෂධ කිසිවක් නොමැත. වයිරසය සහ අනෙකුත් ශ්වසන රෝග වැළඳීම වැළැක්වීම සඳහා නිතිපතා අත් සේදීම, හැකි නම් ජන ගැවසෙන ස්ථානවලින් වැළකීම සහ ජනාකීර්ණ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳීම වැනි පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස විශේෂඥයෝ නිර්දේශ කරති.
0 Comments