Harry-Meghans-home-at-risk-due-to-Los-Angeles-fire

 ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස් ගින්න උග්‍ර වීමත් සමඟ හැරී කුමරු, මෙගන් මාකල් ඔවුන්ගේ ඩොලර් මිලියන 14ක මොන්ටෙසිටෝ මන්දිරයෙන් ඉවත් වීමට සිදුව ඇතැයි වාර්ත‍ාවේ.
දකුණු කැලිෆෝනියා එඩිසන් හි ප්‍රකාශකයෙකු බදාදා ටෙලිග්‍රාෆ් වෙත පවසා ඇත්තේ යුවළගේ දේපළ "ඉහළ ගිනි අවදානම්" කලාපයක පිහිටා ඇති බවයි.



"ලැව්ගිනි අවදානම ඉහළ යාම" හේතුවෙන් සාන්ත බාබරා කවුන්ටි හි සුඛෝපභෝගී ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම් සිදුවි ඇත.
2020 දී රාජකීය රාජකාරිවලින් ඉල්ලා අස්වී බටහිර වෙරළට පැමිණි පසු යුවළ තම දරුවන් දෙදෙනා  සමඟ වර්ග අඩි 18,000ක නිවසේ වාසය කරති.

මන්දිරයේ නිදන කාමර නවයක් සහ නාන කාමර 16ක් ඇති අතර, පුළුල් පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක්, තේ නිවසක්, රෝස උයන්, වයස අවුරුදු සියයක් පැරණි ඔලිව් ගස්, ළමා කුටියක් සහ නිදන කාමර දෙකක අමුත්තන්ගේ නිවසක් ද ඇත.

රාජකීය යුවළගේ අසල්වැසියන් වන ඔප්‍රා වින්ෆ්‍රේ සහ ග්විනෙත් පැල්ට්‍රෝ ඇතුළු ප්‍රදේශයේ වෙසෙන අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයන්ටද මෙම ගින්න නිසා ඉවත්වීමට සිදුවිය හැකිය.


2018 දී ලැව්ගිනි හේතුවෙන් ඇතිවූ මඩ කඳු කඩා වැටීම් නිසා වින්ෆ්‍රේගේ දේපළට හානි සිදුවිය.

අඟහරුවාදා සහ බදාදා කලාපය පුරා ගින්න පැතිරෙද්දී දහස් ගණන් පදිංචිකරුවන්
බෙන් අෆ්ලෙක් සහ ජේම්ස් වුඩ් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළුව දැනටමත් පැසිෆික් පැලිසේඩ්ස් වලින් පලා ගොස් ඇත.
පුද්ගලයින් 30,000ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්වන ලෙස නියම කර ඇත.