I-am-not-with-my-wife-now-The-story-told-by-the-man-who-wanted-to-get-a-divorce

උපදේශන සේවාවකට පැමිණි මහත්මයෙකු මතු කළ ගැටලුවක් ගැන කතාවක් මේ.

මේ මදක් විතර අමුතු කතාවක්. සාමාන්‍යයෙන් මිනිස්සු උපදේශන සේවාවක් හොයන්නේ දික්කසාද වෙන්න හිතාගෙන ඉවර වෙලා. හැබැයි මේ මහත්මයා නම් එහෙම නෙවෙයි.
මේ මහත්මයා මෙහෙම කියනවා.
"මම ජීවත්වෙන්නේ මම කසාද බැන්ද නෝනා එක්ක නෙවෙයි. දැන් මගේ ගෙදර ඉන්නේ කසාද බැන්ද කෙනා වුණත් එයා දැන් වෙන කෙනෙක්.  පුළුවන්ද මගේ හිටපු නෝනව ආයෙත් මට ගෙනත් දෙන්න?" කියලා.


මුලින්ම අපට හිතුනේ මේ මොන කතාවක්ද කියලා. එයාගෙන් ඇහැව්වා මේක පැහැදිලි කරන්න කියලා.
මේ මහත්මයා රජයේ ඉහළ තනතුරක ඉන්න කෙනෙක්. හරිම නිහතමානී කෙනෙක් වගේ පේන්න හිටියා. එයා කසාද බැන්දේ එයාගේ ගමේ හිටපු ලස්සනම කෙල්ල එක්ක. ඒ වෙලාවේ ඒ කෙල්ලට විසි දෙකක් විතර ඇති. කසාදෙන් පස්සේ දෙන්නම කොළඹට ආවා. අවුරුද්දක් දෙකක් යද්දි දෙන්නට පුංචි දුවෙකුත් ලැබුනා. දැන් ඒ දුවට අවුරුදු හතක් විතර.
ඊටපස්සේ තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ. නෝනා කල්පනා කළා දුව හොඳ පෙර පාසලකට දාන්න ඕනෙ කියලා.

මහත්තයත් ඒකට කැමති වුණා. හැබැයි එතනින් පස්සේ නෝනා වෙනස් වෙන්න පටන් ගත්තා. මුලින්ම පෙර පාසලේ අනිත් අම්මලා එක්ක කතා කරලා "අපි කලින් දරුවො හැදුවේ ඇයි, තාම අපිට වයසක් නෑනේ, ජීවිතේ විඳින්න තිබ්බනේ" කියලා හිතන්න පටන් ගත්තා...
මේ දෙන්නා ඇත් වෙන්නෙ එයින් පස්සෙ.
ඉතින් අන්තිමට දෙන්නටම තේරුම් කරලා දුන්නා - නෝනාට ලස්සනට ඉන්න අයිතිය තියෙනවා, හැබැයි ඒක අනිත් අයට පෙන්නන්න නෙවෙයි, තමන්ගේ සතුටට විතරයි කරන්න ඕනේ කියලා. මහත්තයටත් කිව්වා නෝනගේ කැමැත්තටත් ගරු කරන්න ඕනේ කියලා. දැන් දෙන්නම ඒක තේරුම් අරන් අලුත් විදිහට ජීවිත්තේ පටන් ගන්න තීරණය කරලා තියෙනවා.