Kim-Jong-un-bans-North-Koreans-from-eating-hot-dogs

බටහිර සංස්කෘතියට ඉතා සමීප ආහාරයක් ලෙස සලකන බැවින්  උතුරු කොරියානුවන්ට හොට් ඩොග් ආහාරයට ගැනීම
කිම් ජොං-උන් විසින් තහනම් කර ඇති බව වාර්තා වේ.





නිවෙස්වල හෝ වීදිවල මෙම ආහාරය පිරිනැමීම හෝ විකිණීම දේශද්රෝහී ක්‍රියාවක් ලෙස ඒකාධිපති පාලකයා නියෝග කර ඇත. වරදකරුවන්ට කොමියුනිස්ට් රාජ්‍යයේ කම්කරු කඳවුරුවලට යැවීමේ අවදානම පෙන්වාදී ඇති අතර, එහි තත්වයන් එතරම් බියකරු බැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ඒවා මානව වර්ගයාට එරෙහි අපරාධ වීමට ඉඩ ඇති බවයි.


සන් පුවත්පතට අනුව මෙම නියෝගය උතුරු කොරියානු නායකයා නිකුත් කරන්නේ බටහිර සංස්කෘතියේ ආක්‍රමණයක් ලෙස නම් කරමිනි.

2017 දී බටහිර හිතවාදී දකුණු කොරියාවෙන් ආනයනය කරන ලද ආහාර උතුරු කොරියානුවන් අතර ඉක්මනින්ම ඉතා ජනප්‍රිය විය. බුදේ-ජිගේ - හොට් ඩොග් හා උණුසුම් නූඩ්ල්ස් සූප් වර්ගයක් ගැන එරට විශාල කතාබහක් ඇති විය.
දැන් වෙළඳපොළේ බුදේ-ජිගේ ආහාර විකිණීම නතර කර ඇත.
එය විකිණීම සිදුකරන ඕනෑම අලෙවි සලක් වසා දමන බව පොලීසිය සහ වෙළඳපොළ කළමනාකරණය පවසා ඇත.

2011 දී බලයට පත්වීමෙන් පසු, කිම් විසින් උතුරු කොරියාවට විචිත්‍ර නීති රැසක් පනවා ඇත.
මෑත එකක් වූයේ නත්තල සැමරීම සම්බන්ධයෙන් මරණීය දඬුවම් දීමේ තර්ජනයකි.