ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ඇති වී තිබෙන දරුණු ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. මෙම ව්‍යසනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වර්ග සැතපුම් 60කට අධික භූමි ප්‍රමාණයක පැතිර ගිය ගින්නෙන් ගොඩනැගිලි 12,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇත.
තවමත් දැවෙමින් පවතින ප්‍රධාන ලැව්ගිනි අතර පැලිසේඩ්ස් සහ ඊටන් ලැව්ගිනි ප්‍රධාන වේ. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් 150,000කට අධික පිරිසක් ඔවුන්ගේ නිවාස ඉවත් කර යාමට සිදුව ඇති අතර, 700කට අධික පිරිසක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රැඳී සිටිති. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බලපෑමට ලක්වූ ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇත.
කාලගුණ තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතී. සැන්ටා ඈනා සුළං තවත් වටයක් ඇති වීමට නියමිත බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අතර, මෙම ව්‍යසනය සමඟ සටන් කිරීම සඳහා ගිනි නිවන භටයින් දහස් ගණනක් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කරති.
රජය විසින් හානියට පත් ප්‍රදේශ සඳහා හදිසි සහන සැපයීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර, අවතැන් වූවන්ට තාවකාලික නවාතැන් පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා විශේෂ කමිටුවක්ද පත් කර ඇත.
ඡායාරූප එකතුවක් පහතින්
0 Comments