එදිනෙදා ජීවිතයේදී ආහාර රසකාරකයක් ලෙස භාවිතා කරන කරපිංචා ශාකයේ රසකාරක ගුණයට අමතරව සුවිශේෂි ඖෂධීය ගුණයක්ද පවතී.
රෝග රැසකට සුවයක් ලබාදෙන කරපිංචා ශාකය ආයුර්වේදයේදී විවිධ ඖෂධ නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගනු ලබන අතර, එය රෝග රැසකට ගුණාත්මක ඖෂධයක් බව පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගෙන තිබේ.කරපිංචා ශාකයේ ප්‍රෝටීන්, කාබොහයිඩ්රේට්, විටමින් A, B, කැල්සියම්, යකඩ පවතිනවා. එබැවින් මෙය ආහාර රසවත් කිරීමට පමණක් නොවෙයි නිරෝගි ජීවිතයක් ගත කිරීමට රෝග නිවාරණය කිරීමටත් හොඳ දේශීය ඖෂධයක් වෙනවා.කරපිංචා ශාකයේ විද්‍යාත්මක නාමය Marraya Koenigil මෙය අයිති වෙන්නේ Rutaceac කුලයටය. ආයුර්වේදයානුකූලව කටු තිත්ත කෂාය රසයෙන් කරපිංචා සමන්විතයි.
උෂ්ණ වීර්ය ගුණයෙන් යුත් ශාකයක් වන කරපිංචා සතුව එයටම ආවේණික සුවඳක් පවතිනවා. කොපමණ පත්‍ර වේලුනත් එම සුවඳ නැති වෙන්නේ නැහැ. ඒ තරමටම මේ ශාකයේ ප්‍රබල ඖෂධීය ගුණයක් තියෙනවා
මෙම ශාකය තුළ ඇති ප්‍රබල විෂ නාශක ගුණය හේතුවෙන් ශරීරයේ බාහිර රෝගවලට මෙන්ම අභ්‍යන්තර රෝගවලටද මෙය ප්‍රබල ඖෂධයක් වේ.
විවිධ අවස්ථාවලදී පුද්ගලයාට ආහාර අජීර්ණය වැනි රෝග හටගන්න පුළුවන්. උදරය ආශ්රිත දැවිල්ල, ආමාශය ආශ්රිත ආසාදන පාචනය ආදි රෝග රැසකට මෙන්ම අක්මාවේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කිරීමටත් කරපිංචා හොඳ ඖෂධයක්. දිනපතා තමන්ගේ ආහාර වේලට වක්‍රාකාරව කරපිංචා භාවිතා කරනවා නම් මෙවන් රෝග වැළඳීමේ අවදානම එයින් මග හැරෙනවා.
මෙහිදී අපට එදිනෙදා ජීවිතයේදී කරපිංචා කොළ කැඳ ලෙස පානය කිරීම ඉතාමත්ම ඖෂධීය ගුණයක් ලබාදෙනවා. එහෙමත් නැත්නම් කරපිංචා සම්බෝලයක්. කරපිංචා කොළ බැදුමක් සකස් කරගෙන දෛනිකව පවුලේ හැමෝමත් එක්ක සෑම කෑම වේලකටම ස්වල්පයක් බැගින් ආහාරයට ගන්න පුරුදු වෙනවා නම් සුවිශේෂ ගුණයක් එමගින් ලැබෙනවා.
දිනපතා සිය ආහාර වේලට කරපිංචා වලින් නිපැයු එම ආහාර යොදා ගැනීම මගින් ශරීරයේ ආසාදිත රෝගයන් නිවාරණය කර ගැනීමට හැකියාවක් ඇති සේම රෝග වැළඳීමේ අවදානමද තුරන්වී යන බව ආයුර්වේදයේ සඳහන්ව ඇත.
ඒ අතර රුධිර පීඩනය අඩු කිරීමටත් සහ ට්රයිග්ලිසරයිඩ්ස් වැනි ශරීරයට අනවශ්‍ය කොලෙස්ටරෝල් අඩු කිරීමටත් එමගින් හැකිවේ.
ඇතැම් පුද්ගලයන්ට සැර කෑමක් ආහාරයට ගත්තම බඩේ දැවිල්ල හටගන්නවා. ඒ වගේ අවස්ථාවකදී කරපිංචා කොළ ටිකක් අරගෙන හොඳට කොටලා යුෂ පානය කිරීම මගින් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ පමණක් නොවෙයි. අධික තෙල් භාවිත බරකෑමක් ගත් අවස්ථාවකදී බඩ පුරවලා දාලා මලබද්ධය වෙන්න පුළුවන් අවදානම වැඩියි. එවන් රෝගි තත්වයකට පත් වුණොත් කරපිංචා නැටි, කරුංකා පුවක් ගෙඩි කිහිපයක්, අරලු, සෙනෙහෙ කොළ එක් බඳුනකට කලං තුන බැගින් අරගෙන වතුර පත් 8 ක් දාලා එක් පතකට හිඳුවා පෙරාගත් පසුව පානය කිරීමෙන් මලබද්ධය නැතිවෙලා මල පිටවීම ක්‍රමවත් වෙනවා. ඒ වගේම තමයි මුත්‍රා පිටවීම අක්රමිකතාවලදී මුත්‍රාශය ආශ්රිත රෝගවලදී එම රෝග සුව කිරීමටත් කරපිංචා හොඳ ඖෂධයක්.
කරපිංචා කොළ තලා යුෂ පානය කිරීමෙන් මුත්‍රා පිටවීම යථා තත්වයට පත් වෙනවා වගේම ඇඟටද සුවයක් දැනෙනවා.
සමහර මුත්‍රා රෝග වලදී වකුගඩු පැති කැක්කුමක් ඇතිවෙන්න පුළුවන්. එවන් අවස්ථාවකදී කරපිංචා මුල්, පොතු පිරිසිදුව තම්බා පානය කිරීම මගින් නිසි සුවයක් ලබන්න පුළුවන්. වමනය යෑමක් සුව නොවන ඉක්කාවක් වැනි අවස්ථාවකදී කරපිංචා කොළ කබලකට දමා හොඳින් බැද පත්‍ර කුඩු කර ගැනීමෙන් අනතුරුව උනු වතුර හා මිශ්‍ර කර සාමාන්‍ය දියරයක් ලෙස දිනකට දෙවරක් පානය කිරීමෙන් එම රෝග වලින් සුවය ලද හැකිය.
උගුර ආශ්රිත රෝගවලදී කරපිංචා කොළ හොඳින් තම්බා පානයට ගැනීම මගින් එම රෝග තත්වයන් නිවාරණය කිරීමේ ගුණයක්ද මෙම ඖෂධීය ශාකය සතුව පවතී. අර්ශස් රෝගය සඳහා ද ගුණාත්මක ඖෂධයක් වන කරපිංචා එවන් රෝග තත්වයකදීභාවිතා කිරීම ඉතාමත් යෝග්‍යයය. වේළුණු ඉඟුරු සහ අරලු, කරපිංචා නැටි කලං තුන බැගින් ගෙන පත අට එකට සිඳුවා පානය කිරීම මගින් අර්ශස් රෝගය දුරු වීමේ ඖෂධීය ගුණයක් පවතී. මෙය සඳහා වෙනත් සම්පාදිත ඖෂධ භාවිතා කලද කරපිංචා සතුව පවතින සුවිශේෂ ගුණය මෙම රෝගයෙන් සුව කිරීමට ප්‍රබල සාධකයක් බවද ආයුර්වේදයේ සඳහන්ව ඇත.
අතීතයේ පටන්ම අපේ දේශීය වෙදකමේදී රෝග සුව කිරීමට ඖෂධයක් ලෙස යොදා ගත්තේ දේශිය ශාක සහ ඛනිප්මය ද්‍රව්‍ය. ඒ අතර ශාක ඖෂධයන් අතර කරපිංචා ශාකයට හිමි වන්නේ සුවිශේෂි තැනක්. ශරීර අභ්‍යන්තර රෝගයන් නිවාරණයට හොඳ ඖෂධයක් වගේම ශරීරය බාහිර රෝග වලටද කරපිංච හොඳ ඖෂධ ගුණයෙන් සපිරි ශාකයක් බව සිහිතබා ගත යුතුය. කරපිංචා නිතර ආහාරයට ගැනීමෙන් නිරෝගි ජීවිතයක් ගත කිරීමට මහත් රුකුලක් වන්නේය
0 Comments