පිටකොටුව පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ මිහිරි ෆුඩ්ස්ට අයත් ආපනශාලාවකින් ඇණවුම් කළ EGB බෝතලයක් වෙනුවට පිරිසුදු කාරක අඩංගු බෝතලයක් දීමෙන් අනතුරුව එය පානය කළ 18 වියැති තරුණියක රෝගාතුරවීමේ සිද්ධිය මේ වනවිට ආන්දෝලනයට තුඩුදී තිබේ.
මේ සිදුවීම ගැන තරුණියගේ වැඩිමල් සොයුරා රුසිරු රණසිංහ සමාජ මාධ්‍ය වෙත යොමු කළ තොරතුරු නිසා විශාල කථාබහක් ඇති විය. ඔහු ඒ ගැන කියා තිබුනේ මෙසේය.
"ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් EGB plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, EGB බෝතලයක්.
නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මා/රා.න්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොළඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ළමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තරම්."
සිද්ධිය සම්බන්ධයෙන් හත් දෙනකුගේ ප්‍රකාශ ලබාගත් බව වේල්ලවීදිය පොලිසිය කියයි.එලෙස ප්‍රකාශ ලබාගත් පුද්ගලයන් අතර එම ආපනශාලාවේ සේවකයන් තිදෙනකු සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිවුදෙනකු ද වන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නැවත යාවත්කාලකිරීමක් කළ රුසිරු මෙසේ ලියා තිබේ.
"මේ බීම බෝතලේ තිබිලා තියෙන්නෙ ආම්ලික (ඇසිඩික්) රසායනයක්. ඒ රසායනේ හරියටම මොකක්ද කියලා පොලිස් පරීක්ෂණ වලින් තහවුරු කරගන්න යන්නෙ.
මේක මෙතනට ආවෙ කොහොමද කියලා මේ වෙද්දි පොලීසිය, පාරිභෝගික අධිකාරිය හා PHI මහත්වරුන් පරීක්ෂණ ගොඩක් පවත්වන් යනවා. මිහිරි Foods Head Office එකේ තිබිලා මේ වගේම බෝතල් වල දාපු රසායන දියර හොයාගෙන තියෙනවා. අපිට දැනගන්න ලැබුන, පිරිසිදුකාරක රසායන plastic බීම බෝතල් වලට දාලා මෙයාලා හැම Mihiri Foods branch එකකටම බෙදනවා කියලා. එහෙම බෝතලයක් තමා විකුනන්න තියන බීම එක්ක fridge එකේ තිබිලා තියෙන්නෙ. එහෙම එකක් තමා නංගිට දීලා තියෙන්නෙ.
Elephant House එකෙන් මාව සම්බන්ද කරගෙන, එයාලත් internally මේ batch එක ගැන හොයලා බලනවා කිව්වා. එයාලා මට කියලා තියෙනවා එයාලගෙ production එකේ වැරැද්දකින් මේ සිද්දිය වෙන්න බැරි බවත්, මේක කඩේ අත්වැරැද්දකින් විය යුතුම බවත්.
පොලිස් වාර්තා හා අනිත් වාර්තා එනකන් දැනට තත්වේ මේකයි. කොහොම උනත් කඩේක පැණිබීම වෙනුවට fridge එකේ තිබිලා තියෙන්නෙ වස. මේකට අදාල වැරදිකරුවන් හොයාගෙන නීතියේ උපරිමයට දඩුවම් කළ යුතුමයි. "
එම ආපන ශාලාවේ තිබී තවත් හිස් පැණි බීම බෝතල්වල බහා තිබූ පිරිසුදු කාරක දියර අඩංගු බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය කියා තිබූ අතර මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක බවද පුවත්පත්වාර්තා කර තිබුණි.එම තරුණිය මව සමඟ ඉකුත් 31වැනි දින අවශ්‍යතාවක් සඳහා පිට කොටුවට පැමිණි අවස්ථාවේදී පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාවකින් කෙටි ආහාර ලබාගෙන එය අනුභව කරන අතරතුරදී තරුණිය බීම බෝතලය ඇණවුම් කර මෙම කරදරයට පත්විය.
ආපනශාලා සේවකයකු එය දීමෙන් අනතුරුව ඇය එය පානය කිරීමත් සමඟම මුව තුළින් පිළිස්සුම් ගතියක් ඇති වී වමනය යාමට පටන් ගෙන තිබූ අතර මව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අනතුරුව ඇය අයි ඩී එච් හි ජාතික බෝවන රෝග නිවාරණ විද්‍යායතනය වෙත මාරුකර යවා එහිදී දැඩිසත්කාර ඒකකය වෙත යොමු කර ප්‍රතිකාර ලබාදී ඇත.
රෝගී වූ තරුණිය මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ප්‍රතිකාර කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ මව පසුගියදා (1) වේල්ලවීදිය පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකට අනුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් එම ආපනශාලාව වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් නැවත යාවත්කාලකිරීමක් කළ රුසිරු මෙසේ ලියා තිබේ.
"මම දැන් පොලීසියෙන් update එකක් ගත්තා. මේ වෙද්දි අදාල විමර්ශන කෙරීගෙන යන ගමන් තියෙන්නෙ. මිහිරි Foods Head Office එකෙන් හම්බුන Cleaning chemicals දාපු soft drink බෝතල් සීල් වෙලා වගේ බොහොම තදට හිරකරලා තියෙන්නේ. අනිත් පැනි බීමත් එක්ක මේ chemical බෝතලය පිටකොටුවේ People's Park එකේ Mihiri Foods outlet එකේ fridge එකට යනවා. එයාලා Fridge එකේ තියෙන අනිත් පැනි බීම products එක්ක මේ මාරාන්තික රසායනය තියෙනවා. බොහොම තදට හිරකරලා, Freezer එකේ තියෙන මේ බෝතලේ මූඩිය සීල් වෙලා වගේ තමා මූඩිය කඩද්දි නංගිගේ අතට දැනෙන්නේ.
පොලීසියෙන් මට කිව්ව විදියට මේකේ EGB ආයතනයේ වැරැද්දක් නෙවෙයි. මිහිරි Foods විසින් EGB හා අනිත් බෝතල් වලට chemical පුරවා අලෙවිකිරීමේ වැරැද්දක්. "
එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය පුවත සම්බන්ධයෙන් Ceylon Cold Stores කළමනාකාරී මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබූ අතර
මෙම ගැටලුවට අදාළ බෝතලයෙහි වූ දියර වර්ගය එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (EGB) නොවන බව මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව එම සමාගම පවසා තිබේ.
අදාළ වෙළඳසැල් හිමියා විසින් භාවිතා කරනු ලැබූ, හිස් එලිෆන්ට් හවුස් PET බෝතලයකට පරිභෝජනයට නුසුදුසු දියර වර්ගයක් දමා ඇති බවත්, එලෙස වෙනත් කාර්යයක් සඳහා සකසනු ලැබූ බෝතලය අදාළ පාරිභෝගිකයා වෙත අළෙවිකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.
එම නිවේදනය පහතින්,
0 Comments