සංචාරක අමාත්‍යාංශය විසින් ඓතිහාසික සීගිරි පර්වත බලකොටුව සඳ එළිය ඇති රාත්‍රීන්හි සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ.
පුර පසළොස්වක පොහොය දිනය ඉලක්ක කර ගනිමින් මසකට දින පහක් ‘සඳෙහි සීගිරිය’ නමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, සංචාරකයින්ට පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා හිමිකම් ලැබේ.
සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් මෙම මුලපිරීම සිදු කරන බව වාර්තා වේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තවත් ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගත් බවයි.
ඒ අනුව මෙම දුරුතු පොහොය යෙදෙන අද ට දින දෙකකට පෙර පොහොය වෙනුවෙන් රෑ විවෘත කිරීම සිදුවිය. ඉදිරි පොහොය වලදීත් සීගිරිය රාත්‍රියේදීත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘතව පවති.
0 Comments