Sudden-deaths-road-accidents-and-drug-raids-that-occurred-yesterday-12-Police-report

 01.මනුෂ්‍ය ඝාතනයක්  - ඊච්චන්කුලම පොලිස් වසම.

2025.01.24 වන අද දින අළුයම් කාලයේ ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවකින් සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. 


මරණකරු වයස අවුරුදු 31 ක් වන සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  
මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදි අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකළ වයස අවුරුදු 30 ක් වන සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ  ඇත. ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

02.    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට - බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය.

    2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී, ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
    ඒ අනුව අපරාධය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඊට සම්බන්ධ සැකකරුවෙකු 2024.01.23 වන දින උදෑසන කාලයේ බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී, මෙම අපරාධය විදෙස් රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපදෙස් මත මෙම අපරාධය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. මෙම සැකකරු විසින් අපරාධය සිදුකිරීමට ගිනි අවිය හා යතුරුපැදිය ලබාදී ඇති බවත්, වෙඩි තැබීම සිදුකළ සැකකරුවන්ට නවාතැන් පහසුකම්ද ලබාදී ඇති බවත්, තවද අපරාධය සිදුකිරීම සඳහා යාමට සැකකරුගේ යතුරුපැදියකින් මාර්ගය පෙන්වමින් ගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ සඳහා යොදාගත් බවට සැකකරන සැකකරුගේ යතුරුපැදියද, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 80 ක්ද, සැකකරු සන්තකයේ තිබී මුදල් රුපියල් 100,900/- ක්  පොලිස් භාරයට ගෙන ඇත.
    මෙම අපරාධයේ වෙඩික්කරු දෙහිවල පොලිස් ස්ථානය මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරනු ලබයි. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

03.    යතුරුපැදි සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය.

වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව 2025.01.23 වන දින උදෑසන කාලයේ මාදම්පේ පොලිස් වසමේ ගලහිටිය හන්දියේදී හා ඉස්සන්මැඩිල්ල ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනාවරණය කරගත් තොරතුරු අනුව වැටලීමක් සිදුකර යතුරුපැදි සොරකමට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 31 වයස්වල පසුවන මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මොවුන් විසින් හෙට්ටිපොල හා කුලියාපිටිය පොලිස් වසම්වලදී සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සහ අංක තහඩු රහිත තවත් යතුරුපැදියක් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. 
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෙම අත්අඩංගුවට ගැනීමට අදාල ඡායාරූප කිහිපයක් මේ සමඟ යොමුකරමි.

04.    ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පුත්තලම උප ඒකකය.

    2025.01.24 වන අද දින අළුයම් කාලයේ අනුරාධපුර පොලිස් වසමේ තුන් වන පියවර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පුත්තලම උප ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා කිලෝ 06 ග්‍රෑම් 500 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




05.    නීති විරෝධී මත්පැන් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට - බණ්ඩාරගම පොලිස් ස්ථානය.

    2025.01.23 වන දින රාත්‍රී කාලයේ බණ්ඩාරගම පොලිස් වසමේ මිල්ලගස්හන්දිය ප්‍රදේශයේදී බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 337.5 ක්  කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් නීති විරෝධී මත්පැන් , කැබ් රථය සහ මත්පැන් ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කරන  රුපියල් 121,298/= ක මුදලක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56 ක් සහ සැකකාරිය වයස අවුරුදු 43 ක් වන කිදෙල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


06.    අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මාදම්පිටිය පොලිස් ස්ථානය.

    2025.01.23 වන දින දහවල් කාලයේ මාදම්පිටිය පොලිස් වසමේ රන්දිය උයන ප්‍රදේශයේදී මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 950 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

07.    හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

    2025.01.23 වන දින දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



08.    අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - ගල්කිස්ස පොලිස් ස්ථානය.

    2025.01.23 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී හා විජය පාර අසලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් දෙකක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් හා හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 500 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 හා 40 වයස්වල පසුවන බඩෝවිට හා ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

09.    හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.

    2025.01.23 වන දින රාත්‍රී  කාලයේ මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 270 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
    මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

10.    හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

    2025.01.23 වන දින රාත්‍රී  කාලයේ මහරගම පොලිස් වසමේ දුම්රියපොල ආසන්නයේදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 580 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 67 ක් වන පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  
    මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

11.    පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට -  මහවෙල පොලිස් ස්ථානය.

2025.01.23 වන දින සවස් කාලයේ මහවෙල පොලිස් වසමේ අම්බොක්ක රජමහා විහාරය ආසන්නයේ රජයේ ඉඩමක් තුල පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් පිරිසක් කැණීම් කරමින් සිටින බවට මහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු කැණීම් සඳහා යොදාගත් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 ත් 51 ත් අතර වයස්වල පසුවන මිල්ලවාන, දඹුල්ල, හිරියාල, අකුරම්බොඩ, ඉබ්බාගමුව, ගුරුදෙනිය හා කඩුගන්නාව  ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



12.    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - ගිරිබාව පොලිස් ස්ථානය.

2025.01.23 වන දින උදෑසන කාලයේ ගිරිබාව පොලිස් වසමේ සංගප්පාලය වෙල් යායේදී ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගිරිබාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

13.    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - ඇල්පිටිය පොලිස් ස්ථානය.

2025.01.23 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ වල්ලඹගල හන්දියේදී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී ඔහු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, කඩුවක්, උල් පිහියක් හා හෙරොයින් මිලිග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන තල්ගස්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

14.     මාරක රිය අනතුරක් -  මීගමුව පොලිස් වසම.

2025.01.23 වන දින අළුයම් කාලයේ මීගමුව පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී කොළඹ දෙස සිට නොරොච්චෝලය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ වම් පස නවතා තිබූ බහාලුම් ප්‍රවාහන ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු ‍27 ක් වූ පළඟතුරේ, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

15.     මාරක රිය අනතුරක් -  ආණමඩුව පොලිස් වසම.

2025.01.23 වන දින සවස් කාලයේ ආණමඩුව පොලිස් වසමේ නවගත්තේගම ආණමඩුව මාර්ගයේ බමිමන්නේගම ප්‍රදේශයේදී ආණමඩුව දෙස සිට නවගත්තේගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු හා වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇත. පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහල වෙත මාරු කර යවා ඇත.
මරණකරු වයස අවුරුදු ‍29 ක් වූ දීගන්නෑවත්ත, දීගන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

16.     මාරක රිය අනතුරක් -  අකුරැස්ස පොලිස් වසම.

2025.01.23 වන දින සවස් කාලයේ අකුරැස්ස පොලිස් වසමේ අකුරැස්ස දෙනියාය මාර්ගයේ හන්දගොඩ පාලම ආසන්නයේදී දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු ‍29  ක් වූ මාරඹ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය අකුරැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

17.     මාරක රිය අනතුරක් -  ඉංගිරිය පොලිස් වසම.

2025.01.23 වන දින සවස් කාලයේ ඉංගිරිය පොලිස් වසමේ රත්නපුර පානදුර මාර්ගයේ දිවුල්පත ප්‍රදේශයේදී රත්නපුර දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා ඉංගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ අක්කර 20, ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.