Yesterdays-fatal-traffic-accidents-and-drug-raids-Police-report

මාරක රිය අනතුරක් -  මිටියාගොඩ පොලිස් වසම.

2025.01.07 වන දින සවස් කාලයේ මිටියාගොඩ පොලිස් වසමේ කිරලගහවෙල තෙල්වත්ත අතුරු මාර්ගයේ කිරලගහවෙල ප්‍රදේශයේදී කිරලගහවෙල දෙස සිට තෙල්වත්ත දෙසට ගමන් කළ පාපැදියක් එක් වරම දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම පිටුපසින් ධාවනය වූ යතුරුපැදියක පාපැදිය ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු බලපිටිය  රෝහලට ඇතුලත් කර පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. යතුරුපැදිකරු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇත.   
මරණකරු වයස අවුරුදු ‍62 ක් වූ කෝමල වත්ත, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


මාරක රිය අනතුරක් -  මහවෙල පොලිස් වසම.

2025.01.07 වන දින රාත්‍රී කාලයේ මහවෙල පොලිස් වසමේ පල්ලෙපොල මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී පල්ලෙපොල දෙස සිට නාරංගමුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වංගු සහිත බෑවුම් මාර්ගයේදී රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළිමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු හා කුඩා දරුවෙකු මාතලේ  රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයා මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු ‍75 හා කාන්තාව වයස අවුරුදු 65 ක්  ක් වූ උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීර මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




මත්ද්‍රව්‍ය වැටලීම්

ගංජා හේන් වැටලීමක් - ගෝනගංආර පොලිස් ස්ථානය.

2025.01.07 වන දින ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යාල රක්ෂිතයේ කලාප 04 ප්‍රදේශයේ දින දෙකක් පමණ කාලයක් පුරා සිදුකරන ලද මෙහෙයුමකින් පසුව  නීති විරෝධී ලෙස වගාකර තිබූ ගංජා හේන් 04 ක් වටලා ඇත.

ගංජා හේන් හතර අක්කර 5 ¼ ක ර්‍භමි ප්‍රදේශයක සාරවත් ලෙස වැඩී තිබී ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් සිට නොමැත.එක් හේනක පැලක තිබූ මෙරට නිෂපාදිත ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.  සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනගංආර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2025.01.07 වන දින සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපොල අසලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය

2025.01.07 වන දින සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලන්සියාවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 850 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - අතුරුගිරිය පොලිස් ස්ථානය.

2025.01.07 වන දින දහවල් කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රදේශයේදී අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන ඔරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - දෙහිවල පොලිස් ස්ථානය.

2025.01.07 වන දින දහවල් කාලයේ දෙහිවල පොලිස් වසමේ සුමුදු රාජපක්ෂ මාවත ප්‍රදේශයේදී දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා ග්‍රෑම් 56 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී බඩෝවිට ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර එම නිවසේ සඟවා තබා තිබු ගංජා කිලෝ 01 ග්‍රෑම් 320 ක් සමඟ නිවසේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 46 වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ඇහැලියගොඩ පොලිස් ස්ථානය.

2025.01.07 වන දින උදෑසන කාලයේ ඇහැලියගොඩ පොලිස් වසමේ දනාගල වත්ත ප්‍රදේශයේදී ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගෝඩා ලීටර් 1065 ක් (බැරල් 06) සහ නීති විරෝධී මත්පැන් ලීටර් 26 ක් සමඟ සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන මිටිපොල, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ වැටලීම්


බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට -  වටවල පොලිස් ස්ථානය.

2025.01.08 වන දින අළුයම් කාලයේ වටවල පොලිස් වසමේ කැරලයිනාවත්ත ප්‍රදේශයේදී  වටවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු කැණීම් සඳහා යොදාගත උපකරණ ද සමඟ  අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු  29 ත් 42 ත් අතර වයස්වල පසුවන වටවල, සහ ගලහ  ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වටවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




නීති විරෝධී ගිනි අවි වැටලීම්

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොල්පිතිගම පොලිස් ස්ථානය.

2025.01.07 වන දින රාත්‍රී කාලයේ පොල්පිතිගම පොලිස් වසමේ තලාකොළවැව ප්‍රදේශයේදී පොල්පිතිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන තලාකොළවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.