Yesterdays-fatal-traffic-accidents-and-drug-raids-Police-report

1. මාරක රිය අනතුරක් - තණමල්විල පොලිස් වසම.

2025.01.14 වන අද දින අළුයම් කාලයේ තණමල්විල පොලිස් වසමේ තණමල්විල උඩවලව ප්‍රධාන මාර්ගයේ 25 කණුව ප්‍රදේශයේ තණමල්විල දෙස සිට උඩවලව දෙසට ධාවනය වූ බස් රථයක් හා ඊට ප්‍රථිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු ප්‍රථිකාර සඳහා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 21 ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.



2. දියේ ගිලී පුද්ගලයෙකු මියයාමක් - නින්දවූර් පොලිස් වසම.

2025.01.13 වන දින දහවල් කාලයේ නින්දවූර් පොලිස් වසමේ මාට්ටුපාලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු ආලිඅඩි පාලමෙන් වැටී දියේ ගිලී මියගොස් ඇති බවට නින්දවූර් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 32 ක් වූ නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු බිරිඳ සහ දරුවා සමඟ සමග විනෝද චාරිකාවක් සඳහා යතුරු පැදියකින් පැමිණ ඇති අතර පාලමෙන් එගොඩවීම සඳහා මරණකරු පමණක් යතුරු පැදියෙන් යමින් සිටියදි යතුරු පැදිය ඇලට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට විර්මශනයේදී අනාවරණය වී ඇත. මෘතදේහය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇත. නින්දවූර් පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

3. දියේ ගිලී කුඩා දැරියක් මියයාම - එරාවූර් පොලිස් වසම.

2025.01.13 වන දින සවස් කාලයේ එරාවූර් පොලිස් වසමේ මක්කමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජලය සහිත ලිඳකට වැටී මියගොස් ඇති බවට එරාවුර් පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර ඇත.
මිය ගිය දැරිය අවුරුදු 02 මාස 02 ක් වූ මක්කාමඩි පාර, එරාවූර් ප්‍රදේශයේ පදිංචිව
සිටි දැරියකි.

දැරිය පමණක් නිවසේ සිටි අවස්ථාවකදී නිවස ඉදිරිපිට ඇති ජලය සහිත ලිඳට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනය අනුව අනාවරණය වී ඇත. මෘතශරිරය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින්ට භාර දීඇත. එරාවූර් පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.



4.මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට - මැදවච්චිය පොලිස් ස්ථානය.

2025.01.09 වන දින මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුල කාන්තාවකගේ මළ සිරුරක් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
මියගිය කාන්තාව වයස අවුරුදු 36 ක් වන ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවත් අනාවරණය වී ඇති අතර, 2025.01.13 වන දින සවස් කාලයේ මුල්ලියාවේලි ප්‍රදේශයේදී මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විම්ර්ශන සිදුකරනු ලබයි.


5.දිය අනතුරකින් විදේශීය ජාතිකයින් දෙදෙනෙකු බේරා ගැනීම - පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අහුන්ගල්ල.

2025.01.14 වන දින සවස් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ අහුන්ගල්ල වෙරළ තීරයේ  දියනෑමට ගිය විදේශීය ජාතිකයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල් 29896 ලසන්ත, පොලිස් කොස්තාපල් 19342 සංගීත්, පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන ඇත.
අනතුරට පත් විදේශිකයින් දෙදෙනා අවුරුදු 40 හා 47 යන වයස්වල පසුවන කසකස්ථාන ජාතිකයින් වේ.



6.රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන්ගෙන් අපරාධ රැසක් අනාවරණය කර ගැනීම   - හංවැල්ල පොලිස් ස්ථානය.
    2025.01.11 වන දින හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අවුරුදු 27, 28 හා 35 වයස්වල පසුවන තුංමෝදර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා  රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.
    මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී අවුරුදු 27 හා 35 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් හංවැල්ල, මීගොඩ, හෝමාගම, අතුරුගිරිය හා කොට්ටාව යන පොලිස් වසම් වල කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් 09 කට හා හංවැල්ල පොලිස් වසමේ යතුරුපැදි සොරකමකට සම්බන්ධ සැකකරුවන් බවටත්, වයස අවුරුදු 28ක් වන අනෙක් සැකකරු කොල්ලකන ලද රන් භාණ්ඩ උකස් කිරීම හා විකිණීම සිදු කර ඇති බවටත් අනාවරණය වී ඇත.
    ඒ අනුව සැකකරුවන් විසින් කොල්ලකන ලද දේපල වලින් රන්මාල 02ක් හා පෙන්ඩනයක් උකස් කර තිබියදී සහ අන්තර්ජාලය මගින් දැන්වීම් පලකර රන් භාණ්ඩ මිලදී ගැනීම සිදු කරන අයට විකුණා ඔවුන් විසින් උනුකර තිබියදී රන් කැබලි 09ක්ද, අපරාධ සිදු කිරීම සඳහා භාවිතා කරන ලද යතුරුපැදි 02ක් හා ආරක්ෂක හිස්වැසුම් ඇතුලු දේපල විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
    

7.හෙරොයින් සමඟ සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.
    2025.01.14 වන දින මොරටුව පොලිස් වසමේ රාවතාවත්ත හා චන්ද්‍රා මාවත ප්‍රදේශවලදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 02ක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 560 ක් සමග සැකකාරියක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 37ක් වන මෝදරවිල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු වයස අවුරුදු 30 ක් වන කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

8. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශය.

    2025.01.14 වන දින දහවල් කාලයේ මන්නාරම පොලිස් වසමේ ඕළුතුඩුවාය ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 780 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




9.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - තලංගම පොලිස් ස්ථානය.

    2025.01.14 වන දින සවස් කාලයේ තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   
    තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

10.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පෑලියගොඩ පොලිස් ස්ථානය.

    2025.01.14 වන දින සවස් කාලයේ පෑලියගොඩ පොලිස් වසමේ අකුරුපිටිය පාර ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   
    පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

11.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය.

    2025.01.14 වන දින දහවල් කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 980 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   
    කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

12.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - හික්කඩුව පොලිස් ස්ථානය.

    2025.01.14 වන දින සවස් කාලයේ හික්කඩුව පොලිස් වසමේ වැල්ලවත්ත අයිස්මෝල හන්දිය ප්‍රදේශයේදී හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 50 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    
    හික්කඩුව   පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


13.වගා කර තිබූ ගංජා ගස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට - ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානය.

    2025.01.14 වන දින උදෑසන කාලයේ ලුණුගම්වෙහෙර පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේදී ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පර්චස් 10ක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා ගස් 182ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන රණවරණාව, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

14.නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට - කටුනායක පොලිස් ස්ථානය.

    2025.01.14 වන දින දහවල් කාලයේ කටුනායක පොලිස් වසමේ කැරන්වත්ත ප්‍රදේශයේදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 75 ක්  සහ ගෝඩා ලීටර් 189 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.