එළවළු වගා කිරීමේ මුවාවෙන් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වතුයායේ වතු බංගලාවක් පිටුපස ආරක්ෂා සහිතව ඉතාමත් සූක්ෂ්ම අයුරින් වගා කර තිබූ කංසා වගාවක් සොයා ගැනීමට හැකි වූ බව ආගරපතන පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් සහකාර වතු අධිකාරිවරයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට පියවර ඉදිරිපත් කිරිමට ගන්නා බවත් ආගරපතන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
කිසිවකුට සැක නොසිතෙන අයුරින් එළවළු වගා කිරීමේ මුවාවෙන් ආවරණය කර ආරක්ෂිත ලෙස වගා කර තිබූ කංසා වගාවේ අඩි එකහමාරක් පමණ උසට හොඳින් වැඩුණු කංසා පැළ 11ක් තිබූ බව පොලිසිය කියයි.දැඩි සීතල දේශගුණයක් පවතින ආගරපතන ප්රදේශයේ වගා කර තිබූ මෙම කංසා වගාවේ පැළ ඉතාමත් සරුසාර ලෙස වැවී තිබුණු බවත්, සැකකරු කුමන අරමුණක් මුල් කර ගනිමින් මෙසේ කංසා වගා කර තිබුණේ ද පිළිබඳව විශේෂ විමර්ශනයක් කරන බව පොලිසිය සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ආගරපතන පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.
0 Comments