an-open-letter-to-the-night-sigiriya

 රාත්‍රී කාලයේ දී සිගිරිය සංචාරකයින්ට විවෘත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘත කර ඇති බව රජයට අයත් සිළුමිණ පුවත් වෙබ් අඩවිය මගින්ද ප්‍රචාරය කර තිබූ අතර එම පුවත  සමාජ මාධ්‍ය ඔස්සේද පැතිර ගියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘතව තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම මාධ්‍ය වාර්තා අසත්‍ය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතාද ජාතික පුවත්පතකට අදහස් පළකරමින් පවසා තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ රජය හෝ අදාළ වෙනත් ආයතන කිසිවක් මෙවැනි තීරණයක් ගැන නොමැති බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා
සීගිරිය නැරැඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරයකන් සඳහා කාල වේලාවක් වෙන්කර ඇති බවත් රාත්‍රී කාලයේදී සීගිරි අසිරිය අත්විඳින්නට ඉඩකඩ ලබා දෙන්නේ නම් ඊට පෙර නීතිමය ක්‍රියාමාර්ග කීපයක් ගතයුතුව ඇති බවත් පැවසීය.



පසළොස්වක පෝය ද හා ඊට පෙර හා පසු දෙදින බැගින් දින පහක් සීගිරිය රාත්‍රී කාලයේදී නැරැඹීමට ලබා දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.