බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ 24ක වටිනාකමින් යුත් සහල් කිලෝග්‍රෑම් 8,750ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සහල් තොගය ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයේ සහල් මලු මත බල්ලන් දෙදෙනෙකු රැඳී සිටි බව වාර්තා වේ.
ජනවාරි 04 වන දින බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල පිහිටි වෙළඳසැලකට සහල් තොගය බෑමේදී, පුරවැසියෙකු විසින් ලබාගත් වීඩියෝ දර්ශන මත පදනම්ව මෙම වැටලීම සිදු කර ඇත. සෞඛ්‍ය නිලධාරීන් සිද්ධිස්ථානයට පැමිණි අවස්ථාවේදී බල්ලන් දෙදෙනා පලා ගොස් තිබිණි.
තිස්සමහාරාම ප්‍රදේශයේ සහල් මෝලක සිට බලන්ගොඩ ප්‍රදේශයේ වෙළඳසැල් වෙත බෙදාහැරීම සඳහා මෙම සහල් තොගය ප්‍රවාහනය කර ඇති අතර, දැනටමත් බෙදාහැර තිබූ සහල් තොගයක්ද ආපසු ලොරියට පටවන ලෙස නිලධාරීන් විසින් උපදෙස් දී තිබේ.
රත්නපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ප්‍රධාන නිලධාරී ප්‍රියන්ත මුතුකුමාරණ මහතා පවසා සිටියේ මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය සතුන් සමඟ ප්‍රවාහනය කිරීම සපුරා තහනම් බවයි. දඩාවතේ යන සුනඛයින්ගේ අපද්‍රව්‍ය සහල් තොගයට මිශ්‍ර වීමෙන් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය නිලධාරීහු අවධාරණය කර සිටිති.
0 Comments