Mother-and-daughter-commit-suicide-due-to-financial-problems-at-womens-association

 අනු­රා­ධ­පුර තලාව බිඳු­න්කඩ ගම්මැද්දේ පාරේ සුදෝ සුදු­වන් ධජ පතාක, ශෝකය පළ කළ බැනර් ආදි­යෙන් වෙනස්ව තිබුණේ අවා­ස­නා­වන්ත ලෙසින් ජීවි­ත­යෙන් සමු­ගත් අහිං­සක මල් කැකු­ළක් සහ ඇගේ මවත් නිසා­වෙනි. දෙදරු මවක වන තිස්නව හැවි­රිදි නිරෝ­ෂණි මංජුලා විජේ­සිංහ සහ ඇගේ සිඟිති දිය­ණිය ගිහන්සා දම්සදී මෙසේ අවා­ස­නා­වන්ත ලෙසින් මර­ණ­යට පත්වූයේ මේ මව සිය සිරු­ර­ටත්, දිය­ණීගේ සිරු­ර­ටත් කිසි­යම් ඉන්ධන ද්‍ර‍ව්‍යයක් හලා ගිනි තබා­ගෙ­නය. නිරෝ­ෂණි ගමේ කාන්තා සමි­තියේ භාණ්ඩා­ගා­රික තන­තුර හෙබ­වූ­වාය. එහි සංව­ත්සර මහා සභාව ඉකුත් දෙසැ­ම්බර් මස 22 වැනි ඉරිදා දින පැවැත්වූ බව සඳ­හන් වේ. එහිදී නිරෝ­ෂණි සතුව පැවැති සමි­තියේ මුදල් නිසි ලෙස තුල­නය කොට පිය­වී­මට නොහැකි වීම පිළි­බද චෝද­නා­ව­කට ඇයට ලක්ව­න්නට සිදුව ඇත්තේ දෛවෝ­ප­ගත සිද්ධි­යක් ලෙසින්ය. විවිධ දොස්, අප­වාද මැද එදින සමි­ති­වා­රය නිමා වුවද මේ පුවත ගම පුරා මොහො­තින් මොහොත ඇවිළී යන්නට විය. ඉන් නිරෝ­ෂ­ණිට ඇතිවූ ලජ්ජාව සහ මාන­සික බිඳ­වැ­ටීම කිසි­වකු දැන සිටියේ නැත.

තමා සතු රත්තරන් බඩු­වක් උග­සට තබා ගත් මුදල් මඟින් සමි­තියේ මුද­ලින් කොට­සක් පිය­වී­මට ඇය සමත් වුවද ගැට­ලුව ඉන් නිමා වූයේ නැත.



ඉකුත් දෙසැ­ම්බර් 31 වැනිදා උදා­වූයේ ඒ අත­රේය. පොද වැහි වැටෙ­ද්දීම පෙද­රේ­රු­වකු වූ නිරෝ­ෂ­ණිගේ සැමියා වැස්ස නොතකා රැකි­යාව සඳහා පිටත්ව ගොස් තිබිණි. දහ­තුන් වියැති වැඩි­ම­හල් දිය­ණිය ද යාබද නිව­ස­කට ගොස් තිබුණේ දෛවය කළ සැල­සු­මක් පරි­ද්දෙනි. වයස අවු­රුදු දෙක­කුත් මාස නව­යක් වූ ගිහන්සා දහම්දී සිගිති දිය­ණිය සිදු­ව­න්නට යන්නේ කව­ර­ක්දැයි නොදැන නොකි­ලිටි සින­හ­වෙන්ම මව ළඟ දැව­ටු­ණාය.

තීර­ණා­ත්මක මොහොත එළැඹී ඇත්තේ ඉන් අන­තු­රු­වය. එතෙක් සඟ­වා­ගෙන සිටි ඉන්ධන බෝත­ලය උර­ය­කට දමා ගත් ඇය කුඩා දිය­ණිය ද උකුලේ හොවා­ගෙන ගෙවත්ත පහ­ළට ගොස් ඇත්තේ කිසි­වක් කිසි­ව­කුට නොහැ­ඟෙන අන්ද­මිනි. ඇය යනු දුටු අස­ල්වැ­සි­යකු කොහේ යන්නේ ද යනු­වෙන් ඇසූ පැන­යට ඇගේ පිළි­තුර වී ඇත්තේ පොල් අහු­ල­න්නට යන බවය. එහෙත් දින කිහි­ප­යක් තිස්සේ නොස­න්සුන් සිතු­විලි සමඟ පොර­බැදූ ඈ කාටත් රහසේ තීන්දු­වක් ගෙන තිබිණි. කාලය සෙමින් ගෙවී ගියේය. අන­තු­රුව නි‍ෙව­සට පැමිණි වැඩි­ම­හල් දිය­ණිය මව සහ නැග­ණිය පිළි­බ­ඳව විම­සි­ලි­මත් වී ඇත්තේ ඒ අත­රේය.



තවත් මිනිත්තු කිහි­ප­ය­කින් සිඟිති නැඟ­ණිය මර ළතෝනි දෙන හඬින් ඇය වික්ෂිප්ත වූවාය. යාබද නිවැ­සි­යන්ද සමඟ විම­සි­ලි­මත් වූ විට දැක ඇති දසු­නින් ඔවු­නගේ නෙත් අද­හා­ගත නොහැකිව තිබේ. මුළු ලෝක­යම එක මොහො­ත­කදී නැව­තු­ණාක් මෙනි.

ඒ වන විට සිය­ල්ලක් සිදුවී හමා­රය. ගිනි දලු මැද දැවෙ­මින් සිටි මව සහ දරුවා වහා රෝහ­ල්ගත කිරී­මට අස­ල්වා­සීන් කට­යුතු කොට ඇත්තේ ඉන් අන­තු­රු­වය. නිරෝ­ෂණි සිය කුඩා දිය­ණි­යට ඉන්ධ­න­යක් වත් කොට ගිනි තබා ඇයද දිවි හානි කර ­ග­න්නට ඇතැයි යන්න මේ වන විට අනු­මාන වශ­යෙන් පොලී­සිය සැක පළ­ ක­රයි. කල­කට ඉහ­තදී ඇගේ නිවෙස ආස­න්නයේ පිහිටි නෙලු­බෑව ඇඟ­ලුම් කම්හලේ ද නිරෝ­ෂණි සේවයේ නිර­තව සිට ඇති බව ගැමියෝ පව­සති.

නිරෝ­ෂණි මංජුලා විජේ­සිංහ සහ ඇගේ දිය­ණිය පළ­මුව ශ්‍රාව­ස්ති­පුර, නෙලු­බෑව රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව වැඩි­දුර ප්‍රති­කාර සදහා අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර තිබේ, එහිදී දෙදෙ­නාම මිය ගොස් තිබේ. නිරෝ­ෂ­ණිගේ සැමියා තලාව පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව පොලිස් විම­ර්ශන ආරම්භ වී තිබේ. තලාව පොලිස් ස්ථානා­ධි­පති, එල්.එම්.එම්.එන්. ලංස­කාර මහ­තාගේ උප­දෙස් පරිදි පොලිස් විම­ර්ශන ක්‍රියා­ත්මක වේ.

නිරෝ­ෂ­ණීගේ සිතු­විලි නිවැ­රැදිව කිය­වී­මට හැකි සම­තකු සිටියේ නම් මෙවැ­න්නක් සිදු­ව­න්නට ඉඩ නොතිබූ බව ගම්වා­සීහු පැව­සූහ.

ජීවින ගැටලු සහ අපේක්ෂාභංග­ත්වය කළ­ම­නා­ක­ර­ණය කර­ ගැ­නීම පිළි­බඳ සමාජ කථි­කා­වක් නොප­මාව ආරම්භ කළ යුතුව ඇති බව නිරෝ­ෂණි මෙරට සමා­ජ­යට පණි­වි­ඩ­යක් ලබා දී තිබේ.
(ඩබ්ලිව්. ප්‍රදීප්)