Editors-of-Diliths-newspaper-under-CID-custody-for-article-published-on-Mahavirus-commemoration

දිලිත් ජයවීර මහතාට අයත් දෙරණ මාධ්‍ය ජාලයේ පළකරන අරුණ පුවත්පතේ උප කර්තෘ තුෂාර උඩවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමක් සිදු කර තිබේ. මෙම කැඳවීම සිදු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.





මෙම පැමිණිල්ලට පාදක වී ඇත්තේ උතුරේ මහවිරු සමරුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි ආකාරයට වාර්තා කර ඇති බවට කරන ලද චෝදනාවකි. මීට පෙර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා සහ පුවත්පතේ පොලිස් හා අධිකරණ වාර්තාකරු එස්. අස්ලම් මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

දැන් තුෂාර උඩවත්ත මහතා කැඳවා ඇත්තේ එම පුවතේ මාතෘකාව යෙදූ ආකාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.