වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ තෙවන වාර පරීක්ෂණයේදී හත ශ්‍රේණියේ චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රය ද සිසුන්ට ලබාදී ඇතැයි මවුපියෝ පවසති.හත ශ්‍රේණියේ චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රය ද එහි පිටුපස මුද්‍රණය කර තිබී ඒ පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය ආරම්භ කිරිමෙන් පසු ප්‍රශ්න පත්‍රය දරුවන්ට දීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය දැකගන්නට ලැබී ඇත.
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයකට ප්‍රශ්න පත්‍රය සමග පිළිතුරු කොටස ලබාදී ඇති අතර පාසල් කිහිපයක් පමණක් එම කොටස ඉවත්කර දරුවන්ට ලබාදී ඇති බව පවසති.මෙම හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවත් ප්‍රශ්න පත්රයමුදණය කළ පසු බලධාරීන් කිසිවක ප්‍රශ්න පත්‍රය පරික්ෂා කිරීමකින් තොරව පාසල්වලට ලබාදී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති. නිලධාරින්ගේ කටයුතු හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් වන බවද ඔවුහු පෙන්වා දෙති.
මීට අමතරව පසුගියදා 11 ශ්‍රේණියේ සිංහල හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කොටස් කිහිපයක් “වස්ඇප්" පණිවිඩයක් මගින් පාසල්වලට එවා ඇති බවත් ඒවා ගුරුවරුන් කියවා දරුවන්ට පිළිතුරු ලිවීමට දී ඇති බවත් හය ශ්‍රේණියේ පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයද අන්තර් ජාලයේ තිබූ ප්‍රශ්න පත්‍රයක් බවත් මවුපියෝ චෝදනා කරති.
0 Comments