ජාතික විගණන කාර්යාලයේ වාර්තාවට අනුව, භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව 2023 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 382.3කට වැඩි මුදලක් අතිකාල හා අනිවාර්ය දින වැටුප් වශයෙන් ගෙවා ඇත.
අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා වැය කර ඇති මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
රුපියල් මිලියන 30කට වැඩි මුදලක් වැය කර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් හා ආයතන සඳහා ස්ථාපනය කරන ලද ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් අක්‍රීයව පැවති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ නම් වර්තමාන වැටුප මත පදනම්ව අතිකාල දීමනා නොගෙවන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා 2017 ජූලි 1 වන දින සිට උපදෙස් දී තිබියදීත්, ඊට පටහැනිව 2023 වසරේදී වර්තමාන වැටුප පදනම් කරගෙන අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා ඇති බව වාර්තාවේ සඳහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා තිරසර සංවර්ධන දර්ශක තිස් එකක් හඳුනාගෙන තිබූ අතර, ඉන් දර්ශක දහතුනක් සඳහා 2023 වසරේ ප්‍රගතිය වාර්තා කර නොතිබූ බවත්,
ප්‍රගතිය වාර්තා කර ඇති දර්ශක දොළහෙන් කිසිවක් අවශ්‍ය කාර්ය සාධන මට්ටමට ළඟා වී නොමැති බවත් වාර්තාවේ සඳහන් වේ.
මෙම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවේ අන්තර්ගත වේ.
0 Comments