Maradana-Police-SI-arrested-for-assaulting-his-father-in-law

සිය බිරි­යගේ පියාට කළ පහර දීමක් සම්බ­න්ධ­යෙන් සැක­පිට මර­දාන පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් පාණ­දුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රින් විසින් පෙරේදා (08) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.



මෙම පහර දීම සති දෙක­කට පමණ පෙර සිදුව ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා සිය බිරිය, බිරි­ඳගේ සහෝ­ද­රයා සහ පියා සමඟ ආර­වු­ලක පැටලී මෙම පහර දීම සිදු කර ඇතැයි පොලී­සිය කියයි. පොලිස් නිල­ධා­රියා සිය බිරිය සමඟ පදිං­චිව සිටින නිව­සත් බිරි­ඳගේ පියා පදිං­චිව සිටින නිව­සත් එකම වත්තක පිහිටා ඇති බව පොලී­සිය කියයි. එම නිවාස පිහිටි වත්ත ඇත්තේ මොරො­න්තු­ඩුව නාන්දූවේ බව ද පොලී­සිය සඳ­හන් කළේය.

මෙම පහර දීම සම්බ­න්ධ­යෙන් පැමි­ණි­ල්ලක් මොරො­න්තු­ඩුව පොලිස් ස්ථාන­ය­ටත් පාණ­දුර පොලිස් අධි­කාරි කාර්යා­ල­ය­ටත් කර තිබේ.

ඒ අනුව පාණ­දුර කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාගේ උප­දෙ­සින් කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රින් පරී­ක්ෂණ පවත්වා පොලිස් නිල­ධා­රියා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහුව මොරො­න්තු­ඩුව පොලිස් ස්ථාන­යට භාර කිරී­මෙන් අන­තු­රුව පොලිස් ඇප මත මුදා­හැර ඇත්තේ සමථ මණ්ඩ­ලය වෙත පැමි­ණිල්ල විභාග කිරී­මට දින­යක් ලබා­දෙ­මිනි.

මේ සම්බ­න්ධ­යෙන් මෙම උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාගේ වැඩ තහ­නම් කිරී­මට කොළඹ මධ්‍යම කොට්ඨා­සය භාර පොලිස් අධි­කා­රි­ව­රයා ඊයේ පිය­වර ගෙන තිබුණි.
(ගයාන් කුමාර වීර­සිංහ)