![sltb-chairman-ramal-siriwardena-resigns-two-heads-of-government-institutions-resign-within-a-month sltb-chairman-ramal-siriwardena-resigns-two-heads-of-government-institutions-resign-within-a-month](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi799UeOxGQXBdG2dIFCwLDPof8ZB_bwSeeFGc5THaxg8qODlq2ooFGsqpzojqYZg7EbWfINOtxR9pME2HakKuj7znrV5fmNsMIjffI6wX69Klqz9KKf0PdqvV35NRxyhstsoqpwMitynkYYhK1SznZzC24ULwG8sVjwSao5-lSoACuno3u-xrm3XrWHkg/s16000-rw/collage.jpg)
වත්මන් රජය යටතේ පත්කරන ලද තවත් රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ පසුගිය මාසය තුළ රජයේ ප්‍රධාන ආයතන දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා තහවුරු කර සිටී.
මීට පෙර, පසුගිය දෙසැම්බර් මාසයේදී ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබිණි.
ලංගම සභාපති ධූරයෙන් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වාර්තා අනුව, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ ඇතිවූ මතභේදයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ සිරිවර්ධන මහතා පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වී ඇති බවයි.
රමාල් සිරිවර්ධන මහතා මීට පෙර අවස්ථා තුනකදී විවිධ රජයන් යටතේ ලංගම සභාපති ධූරය දරා ඇත. 2024 ඔක්තෝබර් මාසයේදී හතරවන වරට එම තනතුරට පත්වීමට පෙර, ඔහු 1994-2001 කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේත්, 2006-2007 කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේත්, 2015-2019 කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේත් මෙම තනතුර දරා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වන තෙක් කාලය තුළ පමණක් ඔහු මෙම තනතුර දරා නැත. තවද, ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ලබාදී තිබිණි.
2019 වසරේදී සිරිවර්ධන මහතා සැක සහිත රක්ෂණ ගනුදෙනුවක් පිළිබඳ චෝදනාවකට ලක්ව සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබිණි. එවකට මාධ්‍ය වාර්තා කළේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ ඇති වූ මතභේදයක් හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූ බවයි. නමුත්, එවකටත් ඔහු පවසා සිටියේ පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බවයි.
මෙවර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් සිරිවර්ධන මහතා සමඟ වට්ස්ඇප් පණිවුඩ මගින් සන්නිවේදනය කිරීමේදී, ඔහු අවධාරණය කළේ "අතිශය පෞද්ගලික කරුණක් නිසා" ඉල්ලා අස්වූ බවයි. බිමල් රත්නායක ඇමතිවරයා සමඟ මතභේදයක් තිබූ බවට කෙරෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය.
"මා මෙම රජය බලයට පත්කිරීමට ගම්පහ ආසනයේ ඉතාමත්ම ක්‍රියාකාරීව පසුගිය අවුරුදු තුනේදීම වැඩ කළේ කිසිදු තනතුරක් අපේක්ෂාවෙන් නොවේ," යැයි ඔහු පැවසීය.
මීට අමතරව, පසුගිය දෙසැම්බර් 26 වැනි දින ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා මාස තුනක සේවා කාලයකින් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනක සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ආරාධනයක් මත 2025 වසරේ සිට නව ජාතික වගකීමක් භාර ගැනීමට නියමිත බවයි. කෙසේ වෙතත්, මේ වන තෙක් ඔහු කිසිදු රාජ්‍ය තනතුරක් භාර ගෙන ඇති බවට වාර්තා වී නොමැත.
පුරප්පාඩු තනතුර සම්බන්ධයෙන් විමසීමේදී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසුවේ ලංගම සභාපති ධූරය සඳහා නව පත්වීමක් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
0 Comments