Father-and-son-arrive-drunk-and-ask-for-women-from-a-room-rental-place-and-perform-a-dance

පිළි­ය­න්දල මාවි­ත්තර කොට්ටාව පාරේ කාමර කුලි­යට ලබා දෙන ස්ථාන­ය­කට බීම­තින් කඩා වැදී කාන්තා­වන් ලබා දෙන ලෙස ඉල්ලා එහි හිමි­කා­රි­ය­කට සහ සේව­ක­යන් දෙදෙ­නාට පහර දී දේපො­ළ­ව­ලට අලාභ හානි කර රන් භාණ්ඩ සහ දේපොළ කොල්ලකෑ පිය පුතු දෙප­ළක් අත්අ­ඩං­ගු­වට ගත් බව කැස්බෑව පොලී­සිය පව­සයි.



එම සැක­ක­රු­වන් විසින් පැමි­ණි­ලි­කා­රිය ගෙල බැඳ සිටි පවුම් දෙක­හ­මා­රක් බර රන් මාලය, ලාච්චුවේ තිබූ රුපි­යල් 26,500ක මුද­ලක් හා ඩී.වී.ආර්. යන්ත්‍ර­යක් කොල්ලකා ඇතැයි පොලී­සිය පව­සයි.

ඉකුත් 01 වැනිදා රාත්‍රි­යේදී මත්පැන් පානය කිරී­මෙන් අන­තු­රුව මෝටර් රථ­ය­කින් පැමිණ තිබූ සැක­කාර පිය පුතු දෙපළ කාමර කුලි­යට ලබා දෙන හෝට­ල­යට කඩා වැදී කාන්තා­වන් ලබා දෙන ලෙස ඉල්ලා හිමි­කා­රි­යට තර්ජ­නය කර­මින් අත රැඳි යකඩ පොලු­ව­ලින් පහර දෙමින් කල­හ­කාරි ලෙස හැසිරී ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.



මෙම ස්ථාන­යෙන් කාන්තා­වන් නොස­ප­යන බවත් කාමර පම­ණක් කුලි­යට ලබා දෙන බවත් පැව­සී­මෙන් අන­තු­රුව සැක­ක­රු­වත් දෙදෙනා එහි සී.සී.ටී.වී. කැම­රා­ව­ලට සහ දේප­ළ­ව­ලට පහර දෙමින් පිළි­ගැ­නීමේ කවු­ළුවේ සිටි හිමි­කා­රි­යට සහ සේව­ක­ය­කුට යකඩ පොල්ලෙන් පහ­රදී හෝට­ලයේ ඉදි­රි­පිට රැඳී සිටි තවත් සේව­ක­ය­කුට තර්ජ­නය කර­මින් දණ ගස්වා තිබූ බව පොලී­සිය පව­සයි.

සැක­ක­රු­වන් එලෙස පැමිණ කල­හ­කාරී ලෙස හැසි­රෙන අයුරු පුද්ග­ල­යකු ජංගම දුර­ක­ත­න­යෙන්ද වීඩියෝ කර තිබූ අතර පැමි­ණි­ලි­කා­රිය පැමි­ණිල්ල සමඟ එය පොලී­සිය වෙත ඉදි­රි­පත් කර තිබිණි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කාර පිය පුතු දෙපොළ පිළි­ය­න්දල මිරි­ස්වත්ත ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යන් බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

සැක­ක­රු­වන් කැස්බෑව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

කැස්බෑව පොලී­සිය වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.
(බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)