මෙටා සමාගම විසින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි අන්තර්ගත සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇත. මාර්ක් සකර්බර්ග් විසින් අඟහරුවාදා දින කරන ලද නිවේදනයට අනුව, දැනට ක්‍රියාත්මක වන Fact Check ක්‍රමවේදය වෙනුවට X (හිටපු ට්විටර්) වේදිකාවේ මෙන් පරිශීලක-ජනිත "ප්‍රජා සටහන්" ක්‍රමය හඳුන්වා දෙනු ලබයි.
ප්‍රධාන වෙනස්කම්
- තෘතීය පාර්ශ්ව Fact Check සමඟ පවතින සබඳතා අවසන් කිරීම
- ස්වයංක්‍රීය අන්තර්ගත පාලන පද්ධති සංශෝධනය කිරීම
- ත්‍රස්තවාදය, ළමා අපචාර වැනි බරපතල උල්ලංඝනයන් සඳහා පමණක් පද්ධති සීමා කිරීම
- සංක්‍රමණ හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි මාතෘකා පිළිබඳ සීමා ඉවත් කිරීම
- දේශපාලන අන්තර්ගත දැකීමේ සීමා ලිහිල් කිරීම
තීරණයට හේතු ලෙස සකර්බර්ග්ට අනුව, Fact Check ක්‍රියාවලිය දේශපාලනිකව පක්ෂග්රාහී වී ඇති අතර,
එය විශ්වාසය ගොඩනැගීමට වඩා විනාශ කර ඇත. මෙම තීරණය ගැනීමට තවත් හේතු වී ඇත්තේ:වැරදීමකින් නිවැරදි අන්තර්ගත ඉවත් වීම,
අධික වාරණයක් සිදුවීම හා විවිධ මත දරන පුද්ගලයන්ගේ අදහස් යටපත් වීම නිසාය.
අපේක්ෂිත බලපෑම් කිහිපයකි ඒවා අතර හානිකර අන්තර්ගත වැඩිවීමේ අවදානම, වඩා විවෘත සංවාදයකට ඉඩ සැලසීම, සාවද්‍ය තොරතුරු පැතිරීම වැඩිවීමේ හැකියාව හා පරිශීලක සහභාගීත්වයෙන් යුත් අන්තර්ගත පාලනයක් සිදුවනු ඇත.
2016 දී ආරම්භ කරන ලද ස්වාධීන Fact Check වැඩසටහන මගින් මැතිවරණ තොරතුරු, එන්නත්-විරෝධී ප්‍රචාර, වෛරී කථන වැනි ගැටලු හැසිරවීමට උත්සාහ කර ඇත.
කෙසේ වෙතත්, දැන් සමාගම එලොන් මස්ක්ගේ X සමාගමේ ප්‍රවේශය අනුගමනය කරමින් පරිශීලක-පාදක පාලන ක්‍රමයකට මාරු වේ.
මෙම වෙනස්කම් මගින් සමාජ මාධ්‍ය භාවිතයේ අනාගතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අතර, එහි සැබෑ ප්‍රතිඵල තක්සේරු කිරීමට තව කාලයක් ගත වනු ඇත.
0 Comments