15-year-old-boy-hangs-himself-after-being-angered-by-a-fashion-change-in-his-hair-cut

වැල්ලවාය පොලිස් වසමට අයත් හඳපානාගල උල්කන්ද මැදගලගම පදිංචි පහළොස් හැවිරිදි දරුවෙකු 08 වැනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
මව විසින් ළමයා ගමේ පාසලට ඇතුළත් කර ඇති අතර විලාසිතාවකට කපා තිබූ කොණ්ඩය වෙනස් කර නිසි ලෙස කපාගෙන පැමිණෙන ලෙස විදුහලෙන් උපදෙස් දී ඇත.



ළමයා මෙම තීරණයට එතරම් කැමැත්තක් දක්වා නැති නමුත් පාසලෙන් ලබාදුන් විධානය නොසලකා හැරිය නොහැකි බව පෙන්වාදී ඇති මව ඔහුව ඇදගෙන ගොස් සැලොනයකින් කොණ්ඩය කප්පා ඇති අතර ළමයා ඊට කිපී සිට ඇත.
ඊට උරණවූ පසු මෙම ළමයා නිවසේ මව නොසිටි අවස්ථාවේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එදිරිමාන්නගේ කවීෂ ලක්මාල් නමැති ප්‍රදේශයේ පාසලක දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.


මෙම ළමයා කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වී සිට මීට මාසයකට පමණ ඉහතදී උපවැදි වී සිටි අයකු බවද හෙළිව තිබේ.
මෙම ළමයාගේ පියා මීට මාස තුනකට පමණ ඉහතදී හදිසි අනතුරකට ලක්වී මියගොස් ඇති අතර ඔහු ගැන සොයා බලා ඇත්තේ මවය.
ළමයාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානයේ ටී. එම්. කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.