දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් තිබෙන බව සත්වෝද්‍යාන බලධාරීන් වාර්තා කර තිබේ .
මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15කි.
මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූවෙකි.
සත්ත්වයාගේ මිය යාම පිළිබඳව සත්වෝද්‍යාන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ, එම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බවය.
ඔරං ඔටං ගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇත.
ඔරංඔටන් සතෙකුගේ අපේක්ෂිත ආයු කාලය වනයේ අවුරුදු 35-40ක් පමණ වන අතර සමහර විට අවුරුදු 50 දක්වා ජීවත්වන අයද සිටී.
0 Comments