abduction-of-a-young-girl-a-financial-dispute-between-two-families

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිදුවීම පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූයේ සීසීටීවී දර්ශන මගින්ද එයට අදාළ දර්ශන ප්‍රචාරය වෙමිනි.
මෙම සිසුවිය හා පැහැරගැනීම කළ තරුණයා අම්පාර බස් නැවතුමකදී අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්වූ අතර එයින් පසු සිසුවියගේ පියා මාධ්‍ය වෙත කියා සිටියේ මෙය කප්පම් සිද්ධියක් බවත් මෙම තරුණයා හා තම දියණිය අතර කිසිදු ආදර සම්බන්ධයක් නොපැවති බවත්ය. නමුත් තරුණයාගේ මව එනම් සිසුවියගේ පියාගේ වැඩිමල් සොයුරිය පවසන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබූ බවය.
මේ අතර තරුණයා හසුවූ පසු පොලිසියට දන්වා සිටියේ තමා හා පාසල් සිසුවිය අතර පෙම් සබඳතාවක් පැවති බවත් තමා ජපානයේ ගොස් රැකියා කර මුදල් එවා එම පවුලට උදව් කළ බවත්ය. තමා ඉල්ලා සිටියේ එම මුදල් බවත් එය නොදුන් තැන පැහැරගැනීම කළ බවත්ය.
සිසුවියගේ පියාද පිළිගත් පරිදි මෙම තරුණයා ඔහුගේ අක්කාගේ පුතාය.

තරුණයා හා සිසුවිය අතර කිසිදු සම්බන්ධයක් මින් ඉහත නොපැවති බව කියා සිටි නමුත් සිදුවීමෙන් අනතුරුව පොලිසිය කළ විමර්ශන වලදී සිසුවිය පැහැරගෙන ගිය වෑන් රථයේ රියදුරු කියා ඇත්තේ සිසුවියගෙන් කිසිදු විරෝධයක් මෙම පැහැරගැනීමෙන් පසු නොදුටු බවය. එසේම සිසුවිය හා තරුණයා රාත්‍රී දෙකක් කුඩා හෝටල්වල ගත කර තිබූ අතර ඒවාට ඔවුන් පෙම්වතුන් සේ ඇතුළුවන අයුරුත් ත්‍රීරෝද රථවලින් ඒවාට පැමිණෙද්දී පවා සාමාන්‍ය ලෙස හැසිරී ඇති අයුරුත් පොලිසියට හදුනාගන්නට ලැබී ඇත.
සිසුවියගේ පියා කියා සිටියේ දැරිය කාමරයක සිර කර තැබූ බවත් දෙන්නා අතර කිසිදු සමීපතාවක් පැහැරගත් කාලයේ සිදු නොවූ බවත්ය. නමුත් ළැගුම්හල් හා කුඩා හෝටල් වල ඔවුන් රාත්‍රී ගත කළ සාක්ෂි ඔස්සේ මේ කතාව පොලිසිය විශ්වාස නොකරයි. මේ වනවිට සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල ඉදිරි අධිකණ දිනයේදී ඉදිරිපත් කරන්නට නියමිතය.
මේ වනවිට තරුණයා හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු 14 දින අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකිවිය.
මෙම පැහැරගැනීම සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබූ අතර, පසුව එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මේ වනවිට පැහැරගැනීමට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු, දෙමාපිය භාරයට පත් කර තිබෙයි.



මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැරගත් දැරියගේ පියා තරයේ සඳහන් කළේ තම දියණිය සහ සැකකරු අතර කිසිදු ප්‍රේම සම්බන්ධයක් නොමැති බවයි.
දැරියගේ පියා තවදුරටත් චෝදනා කළේ මෙම පැහැර ගැනීම සිදු කර ඇත්තේ මුදල් කප්පම් ගැනීමේ කුමන්ත්‍රණයක පියවරක් ලෙස පමණක් බවයි.
18 හැවිරිදි පාසල් සිසුවිය සහ 31 හැවිරිදි මොහොමඩ් නසාර් අම්පාර බස් නැවතුම්පොළ අසල තිබූ මහනුවර බලා පිටත් වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක සිටියදී හසුවූයේ ජීපීඑස් ඔස්සේ පොලිසිය කළ විමර්ශන අනුවයි.
සැකකරු සහ දැරිය පොළොන්නරුවේ සිට වාලච්චේන දක්වා ගමන් කර පසුව අම්පාර දක්වා ත්‍රිරෝද රථයකින් ගමන් කර ඇති බවත්, එහිදී ඔවුන් පෞද්ගලික නවාතැනක රාත්‍රිය ගත කර ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබුණි.
මූලික ප්‍රකාශයන්ට අනුව, පැහැර ගැනීම පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වූවක් බව සැකකරු ප්‍රකාශ කර තිබේ.
ඔහු මීට පෙර ජපානයේ වසර දෙකක් විදේශගතව සේවය කර ඇති බවත්, ඔහුගේ මාමා වන දැරියගේ පියාට මුදල් ලබා දී ඇති බවත් එම මුදල් ආපසු ලබා දී නොමැති බවත් ඔහු චෝදනා කර තිබේ. මෙම සිදුවීම ඔවුන්ගේ යෝජිත විවාහය පිළිබඳ ගැටලු මතු කර ඇති බවට​ද වාර්තා වේ.

සිසු­විය පැහැර ගැනී­මට උප­යෝගි කර ගත් වෑන් රථය පොළො­න්න­රුව ප්‍රදේ­ශයේ අත්හැර දමා ගොස් තිබි­යදී පොලී­සිය පෙරේදා (12) දහ­වල් සොයා ගනු ලැබිණි.වාහ­නයේ රියැ­දුරු ලෙස කට­යුතු කළ පුද්ග­ලයා පොළො­න්න­රුවේ සිට මහ­නු­වර බලා පැමි­ණෙ­මින් සිටි­යදී පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ අතර, ඔහුගේ ප්‍රකාශ අනුව සිසු­විය කිසිදු විරෝ­ධ­යක් නොදක්වා සැක­කරු සමඟ ගොස් තිබෙන බව හෙළිව ඇත.

පොළො­න්න­රුවේ සිට මොවුන් කල්කුඩා ප්‍රදේ­ශ­යට ගොස් තිබෙන බවට ලද තොර­තුරු මත සිදු කළ පරී­ක්ෂා­ව­කදී සිසු­විය සහ සැක­කරු ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ එම ප්‍රදේ­ශයේ හෝට­ල­ය­කට ඇතුළු වන අයුරු හෝට­ලයේ සීසී­ටීවී කැමරා පද්ධ­තියේ පටි­ග­තව තිබී සොයා ගැනී­මට පොලී­සිය සමත්ව තිබේ.



එම දර්ශ­න­ව­ලට අනුව සැක­ක­රුට කිසිදු විරෝ­ධ­යක් නොදක්වා සිසු­විය ඔහු හා හෝට­ල­යට ඇතුළු වන බවක් දක්නට ලැබෙන බව පොලී­සිය පව­සයි.
 සැක­කරු පොලි­සි­යට මෙසේ ප්‍රකාශ කර තිබේ.

"මේ තරු­ණිය මම විවාහ කර ගැනී­මට සිටියේ. ඒකට තරු­ණි­යගේ මවු­පි­යන් කැමැ­ත්තෙන් සිටියා. මම ජපා­නයේ රැකි­යා­වක් කළා. එහිදී හම්බ කළ සල්ලි මේ පවුල වෙනු­වෙන් විය­දම් කළා. පස්සෙ මේ මවු­පි­යන් තරු­ණිය විවාහ කර­දී­මට අක­මැති වූ නිසා මේ වගේ තීර­ණ­යක් ගත්තා. මේ පවුල වෙනු­වෙන් මම හම්බ කළ රුපි­යල් ලක්ෂ 50ක් විතර විය­දම් කළා. මගේ බැංකු කාඩ් එක පවා භාවිත කළේ මේ තරු­ණිය විසින්. එයට අවශ්‍ය සාක්ෂි මම සතුව තියෙ­නවා."

අදාළ සිසු­විය අම්පාර පොලිස් ස්ථානයේ කාන්තා කාර්යාං­ශ­යට පවසා ඇත්තේ පෙරේදා (12) රාත්‍රී අම්පාර නග­රයේ නවා­තැන් පොළක සිටි බවත්, ඊට පෙර දිනයේ පාසි­කුඩා ප්‍රදේ­ශයේ හෝට­ල­යක සිටි බවත්, තමන්ගේ මස්සි­නා­ගෙන් තමන්ට කිසිම ලිංගික හිරි­හැ­ර­යක් නොවූ බවත්ය.

පසුව සිසු­විය අම්පාර පොලිස් ස්ථානයේ කාන්තා කාර්යං­ශයේ නිල­ධා­රීන් විසින් වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට අම්පාර මහ රෝහ­ලට ගෙන යනු ලැබීය.

මහනුවර - අඹරපොල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මව කියා ඇත්තේ සිසුවිය තම සහෝදරයාගේ දියණියක් බවත්, තම පුතා තම සහෝදරයාගේ පවුලේ අය විසින් රවටා ඇති බවත්ය.
තම පුතා විදේශගතව සේවය කර රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් තම සොහොයුරාට ලබාදීමෙන් පසු සොයුරා එම මුදලින් වාහන මිලදී ගෙන තම ඔහුගේ සියලු අවශ්‍යතා සපුරා ගත් බවද ඒ කාලයේ තම සොහොයුරාගේ දියණියට සහ තම පුතාට විවාහ වීමට පවුලේ උදවිය කතා කරමින් සිටියත් පසුව වෙනස්වූ ඔහු පුතා නිවසින් එළවා දැමූ බවත්  අතිවිශාල මුදලක් ලබාගෙන එයද ලබා නොදුන් බවත්  මව චෝදනා කර තිබේ.
ඇය පැහැරගෙන යන විට කෑ ගසා දිවි ගලවා ගැනීමට සිසුවිය උත්සාහ නොකළේ ඇගේ පියා වරදක් ඛළ නිසා බවත්
සිසුවිය නිහඩව ගියේ පියාගේ වරද තමන්ට වැටහුණු නිසා බවත් තරුණයාගේ මව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙම තරුණයාට එරෙහිව කප්පම් ගැනීම හා බලහත්කාර පැහැරගැනීම යටතේ චෝදනා එල්ලවී තිබේ.