උතුරු මැද පළාතේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධව පසුගියදා වාර්තාවූ අතර එම සිද්ධිය පිටුපස පැහැදිලිවම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
මෙය උතුරු මැද පළාතේ ඉහළ තනතුරු වෙනුවෙන් පවතින අරගලයක කුමන්ත්‍රණයක් බැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ද ඔහු පැවසීය.
මේ වනවිට උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කලේය.
මේ අතර අතරමග නතර කළ උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ අවසාන වාර විභාගය ජනවාරි 27 වන දා සිට නැවත ආරම්භ කරන බව උතුරු මැද පළාත් අධ්‍යපන ලේකම් සිරිමෙවන් ධර්මසේන පවසයි.
උතුරු මැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ (07) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙසේ කීය.
අධ්‍යාපන විෂය අතින් උතුරු මැද පළාත නව වැනි ස්ථානයේ පවතින්නේ පළාතේ පවතින අධ්‍යාපන අක්‍රමිකතා හා දූෂණ, වංචා හේතුවෙනුයි. නැවත එක් විෂයක් සඳහා ප්‍රශ්න පත්‍ර කට්ටල විසිදෙදහසක් මුද්‍රණය කිරීමට සිදු වනවා, ඒ සඳහා පමණක් රජයේ මුදල් රුපියල් ලක්ෂ 25කට වැඩි මුදලක් වැය වනවා.
මේ ආකාරයෙන් ප්‍රශ්න පත්‍රයක් පිට කළ හැක්කේ කණ්ඩායම් තුනකට පමණයි.එක් කණ්ඩායමක් වන්නේ ප්‍රශ්න පත්‍රය සකසන ගුරුවරයා හෝ ගුරු උපදේශකවරයා හෝ විෂය අධ්යක්ෂවරයා , දෙවන කණ්ඩායම වන්නේ මුද්‍රණය කරන ආයතනය හෝ එම කණ්ඩායමයි තුන්වැනි කණ්ඩායම ප්‍රවාහනය කරන පිරිසයි.
උතුරු මැද පළාතේ පාසල්වල එකොළහ ශ්‍රේණියට අදාළව විභාග
පැවැත්වීමට පෙර එම සියලු වාර විභාග ප්‍රශ්න පත්තර උපකාරක පන්ති
ගුරුවරුන් වෙත විවිධ පාර්ශ්වයන් හරහා ලැබී අවසන්ව තිබුණා.
මේ වනවිට උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබෙන අතර කිසිදු තරාතිරමකින් තොරව වැරදිකරුවන්ව උපරිම දඬුවම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් බලපෑම් කරන බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments