බිබිල පොලිස් වසමට අයත් පොල්වගාව, කරගහවෙල, දියකොඹල පදිංචිකරුවකුගේ මහජන බැංකුවේ බිබිල ශාඛාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ හතක් වංචා සහගත ලෙස වෙනත් ගිණුමකට බැර කරගැනීමේ සිද්ධියක් පිළිබඳව බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.ගිණුම් හිමිකරු විසිහත් වැනිදා බැංකුවට පැමිණ ඔහුගේ ගිණුම සඳහා ජංගම දුරකථන අංකයද ඇතුළ ත්කර අන්තර්ජාලය හරහා මුදල් හුවමාරුකර ගැනීමේ මෘදුකාංගයක් (ඇප්) සාදාගෙන ඇත.
ඔහු 28 වැනිදා අවශ්‍යතාවක් සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් සිටියදී සවස හතරයි පනස් පහට පමණ ජංගම දුරකථනයට ලැබී ඇති කෙටි පණිවුඩයක් අනුව ඔහුගේ බැංකු ගිණුමට කිසිවකු ඇතුළු වී ඇති බව දැනගෙන හදිසි ඇමතුම් අංකය අමතා ඒ පිළිබඳව බැංකුවෙන් විමසා තිබේ.එහිදී බැංකුව පවසා ඇත්තේ වෙනත් පෞද්ගලික බැංකුවක ගිණුම් හිමියකුගේ ගිණුමකට ඔහුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ හතක මුදලක් බැරවී ඇති බවයි.ඔහුගේ ගිණුමේ අනෙක් මුදල් ගනුදෙනු කිරීම නතර කරන දෙන ලෙස ඔහු බැංකුවෙන් ඉල්ලා ඇත.
31 වැනිදා බැංකුවේ බිබිල ශාඛාවට පැමිණ ඔහුගේ ගිණුම් විස්තර ලබාගෙන පොලිසියට ගොස් පැමිණිලිකර ඇත.බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ. සෙනරත් මහතා පරීක්ෂණ පවත්වයි.
(නඳුන් ගුණතිලක)
0 Comments