Sudden-deaths-road-accidents-and-drug-raids-that-occurred-yesterday-25-Police-report

 ඊයේ (25) සිදුවූ හදිසි මරණ, රිය අනතුරු හා මත් වැටලීම් - පොලිස් වාර්තාව


 01.    මනුෂ්‍ය ඝාතනයක්  - තිහගොඩ පොලිස් වසම.

2025.01.25 වන දින දහවල් කාලයේ තිහගොඩ පොලිස් වසමේ පෙතන්ගහවත්ත විහාරස්ථානයේ පවත්වන ලද සමථ මූල මණ්ඩලය වෙත පැමිණි දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් සිදුවූ පහරදීමකදී පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට ලද පැමිණිල්ලක් මත තිහගොඩ පොලිස් ස්ථානය විසින්  විමර්ශන ආරම්භ කර ඇත.
තිහගොඩ පොලිස් ස්ථානය මඟින් සමථ මූල මණ්ඩලය වෙත යොමුකර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් එහි දෙපාර්ශවය ආරවුල නිරාකරණය කිරීම සඳහා 2025.01.25 වන දින පැවති  සමථ මූල මණ්ඩලය වෙත කැඳවා තිබූණි. එම දෙපාර්ශවය විසින් එම ස්ථානයේ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පහරදීමක් සිදුවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අනාවරණය වි ඇත.
මරණකරු වයස අවුරුදු 73 ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



02.    දියේ ගිලීමෙන් පිරිමි දරුවෙකු මියයාම - වාරියපොල පොලිස් වසම

2025.01.25 වන දින සවස් කාලයේ වාරියපොල පොලිස් වසමේ හිඳගොල්ල වැවේ ළමුන් දෙදෙනෙකු ගිලී ඇති බවත්, ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන සිටි දරුවන් දෙදෙනා වාරියපොල රෝහලට ඇතුළත් කර  ඇති බවට වාරියපොල පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත.
මෙම දරුවන් දෙදෙනා අනාරක්ෂිත හිඳගොල්ල ග්‍රාමයේ පිහිටි ගල්වලක දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී සිටියදී ප්‍රදේශවාසින් විසින් මොවුන් දෙදෙනා රෝහල්ගතකර ඇති බවත්  රෝහල් ගත කරන ලද දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇති බවට අනාවරණය වී ඇත.
මියගිය දරුවා වයස අවුරුදු 13 ක් සහ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින දරුවා වයස අවුරුදු 16 ක් වූ බන්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවන් දෙදෙනෙකි.
මෘතදේහය වාරියපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වාරියපොල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

03.    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වීම - වාලච්චේන පොලිස් වසම

2025.01.25 වන දින සවස් කාලයේ වාලච්චේන පොලිස් වසමේ පුලිපංචිකල් ප්‍රදේශයේදි ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදහන්වී ඇති බවට වාලච්චේන පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත.
අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 වයස්වල පසු වන  සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම පුද්ගලයින් දෙදෙනා එළවළු රැගෙන ඒම සඳහා වගා භූමියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුලිපංචිකල්ඔයේ ගංවතුරෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට  විමර්ශනයේදී අනාවරණය වී ඇත.අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා වාලච්චේන පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

04.    විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - මොරගහහේන පොලිස් ස්ථානය.

2025.01.25 වන දින සවස් කාලයේ කහතුඩුව පොලිස් වසමේ මාගම්මන ප්‍රදේශයේදී මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකර විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, එම පතොරම් ගැබක් සහ ජීව  පතොරොම් 05 ක්  සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කහතුඩුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන මාගම්මන,හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කහතුඩුව හා මොරගහහේන පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
වැටලිමට අදාල ඡායාරූප දෙකක් මේ සමඟ යොමු කරමි.

05.    දිය අනතුරකින් විදේශීය ජාතික යුවළක් බේරා ගැනීම - පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අහුන්ගල්ල.

2025.01.25 වන දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ අහුන්ගල්ල වෙරළ තීරයේ  දියනෑමට ගිය විදේශීය ජාතික යුවළක් දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල් 19342 සංගීත් සහ පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන ඇත.
අනතුරට පත් විදේශිකයා වයස අවුරුදු 51 ක් හා කාන්තාව වයස අවුරුදු 46 ක් වන රුසියානු ජාතිකයින් යුවළකි.

    
06.    හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුර.

    2025.01.25 වන දින උදෑසන කාලයේ මන්නාරම පොලිස් වසමේ උප්පුකුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 50 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර  ඇත.
    අත්අඩංගුවට ගත් කාන්තාව සම්බන්ධ සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගල්කිස්ස පොලිස් වසමේ මෙම කාන්තාව කුලී පදනම මත සිටි නිවසක් තුල හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධව මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට දැනුම් දී ඇත. එම තොරතුරට අදාලව මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් ගල්කිස්ස විජය පාරේ පිහිටි අදාල නිවස පරීක්ෂා කර හෙරොයින් ග්‍රෑම් 125 මිලිග්‍රෑම් 600 ක් සොයාගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 54 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.
    ගල්කිස්ස සහ මන්නාරම පොලිස් ස්ථාන  වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



07.    හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුර.

    2025.01.25 වන දින උදෑසන කාලයේ ගම්පහ පොලිස් වසමේ උප්පුකුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 48 මිලිග්‍රෑම් 37 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර  ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 ක් වන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

08.    අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගම්පහ පොලිස් ස්ථානය.

    2025.01.25 වන දින සවස් කාලයේ ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 700 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

09.    අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා කහවත්ත කඳවුර.

    2025.01.25 වන දින සවස් කාලයේ කහවත්ත පොලිස් වසමේ මීගස්වේල්ල ප්‍රදේශයේදී කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 749 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කහවත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

10.    හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - ගල්කිස්ස පොලිස් ස්ථානය.

    2025.01.25 වන දින දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300 ක් සහ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 හා 41 වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
    ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

11.    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - බුත්තල පොලිස් ස්ථානය.

2025.01.25 වන දින දහවල් කාලයේ බුත්තල පොලිස් වසමේ කටුගහකොළණිය ප්‍රදේශයේදී බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක්  සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

12.    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට - ඇල්පිටිය පොලිස් ස්ථානය.

2025.01.25 වන දින දහවල් කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ පිටුවල ප්‍රදේශයේදී ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක්  සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන පිටුවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

13.    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - කල්තොට පොලිස් ස්ථානය.

2025.01.25 වන දින සවස් කාලයේ කල්තොට පොලිස් වසමේ මැදබැද්ද ප්‍රදේශයේදී කල්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන පිටතලාව, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



14.    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - පොල්පිතිගම පොලිස් ස්ථානය.

2025.01.25 වන දින දහවල් කාලයේ පොල්පිතිගම පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයේදී පොල්පිතිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක්  සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.   
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන මීගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

15.    හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෑෂ් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය.

2025.01.25 වන දින රාත්‍රී කාලයේ කෙසෙල්වත්ත පොලිස් වසමේ ඩයස් පෙදෙසේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 200 ක් හා අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 147 මිලිග්‍රෑම් 760 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 490 ක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 50 වයස්වල පසුවන කෙසෙල්වත්ත හා ගුණසිංහපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.


16.    විදේශීය මත්පැන් සමඟ විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට - කොල්ලුපිටිය පොලිස් ස්ථානය.

2025.01.26 වන අද දින අළුයම් කාලයේ කොල්ලුපිටිය පොලිස් වසමේ ආර්.ඒ.ද.මේල් මාවත ප්‍රදේශයේ නිවසක තිබී බලපත්‍ර නොමැතිව විකිණීම සඳහා බියර් කෑන් 280 ක් සහ විදේශීය මත්පැන් බෝතල් 16 ක් සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 46 ක් වන චීන ජාතික කාන්තාවකි.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


17.    මාරක රිය අනතුරක් - හලාවත පොලිස් වසම.

2025.01.25 වන දින උදෑසන කාලයේ හලාවත පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම ආසන්නයේදී පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කල පුද්ගලයෙකුගේ ගැටී විසිවී ගොස් එම දෙසටම ධාවනය වූ තවත් කාර් රථයකට යටවීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 33 ක් වූ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කාර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. හලාවත පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.


18.    මාරක රිය අනතුරක් - හසලක පොලිස් වසම.

2025.01.25 වන දින උදෑසන කාලයේ හසලක පොලිස් වසමේ මහියංගනය මහනුවර මාර්ගයේ උඩුදහ ප්‍රදේශයේදී මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහයක බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේදී රිය සහයක මිය ගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 46 ක් වූ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.