Rescue operation underway in flooded coal mine in India

ඉන්දියාවේ ඊසාන දිග අසාම් ප්‍රාන්තයේ ජලයෙන් යටවූ ගල්අඟුරු පතලක සිරවී සිටින පතල් කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ලෝක අවධානයට ලක්ව තිබේ.

රොයිටර් වාර්තා කරන ආකාරයට පතල තුළ සිරවී සිටි නවදෙනාගෙන් තිදෙනෙකු මියගොස් ඇතැයි බියක් පවතී. ගිලුණු පතලෙන් සොයාගත් මළසිරුරු කිහිපයක් වෙත ළඟාවීමට තවමත් නොහැකි බව ප්‍රාන්ත රජය පවසයි.


'මීයන්-සිදුර' (rat-hole) ලෙස හඳුන්වන මෙම පතල, අතින් හාරා සාදන ලද පටු සිදුරක් වන අතර එමගින් ගල්අඟුරු ලබාගනු ලැබේ. සඳුදා උදෑසන ජලය ගලා ඒමත් සමඟ කම්කරුවන් සිරවී ඇත.

2014 වසරේ සිට මෙවැනි පතල් කැණීම් ඉන්දියාවේ තහනම් කර ඇතත්, අසාම් සහ අනෙකුත් ඊසාන දිග ප්‍රාන්තවල කුඩා නීතිවිරෝධී පතල් තවමත් ක්‍රියාත්මක වේ.



බේරාගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින ඉන්දීය හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, උදෑසන සිට හමුදා භටයින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ප්‍රාදේශීය පරිපාලනයට සහය දක්වමින් සිටින බවයි.

හමුදාවේ සහන කාර්ය සාධක බලකායට "කිමිදුම්කරුවන්, ඉංජිනේරු භටයින්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අවශ්‍ය උපකරණ" ඇතුළත් බව එහි වැඩිදුරටත් සඳහන් විය.

සඳුදා සවස අසාම් පොලිස්පති ජී.පී. සිං මහතා පැවසුවේ සිරවී සිටින පුද්ගලයන් සංඛ්‍යාව නිශ්චිත වශයෙන් තහවුරු කර තිබේ.
වාර්තා වන පරිදි පතල් කම්කරුවන් දහතුන් දෙනෙකු පමණ බේරීමට සමත්ව ඇති අතර,

මුල් වාර්තා අනුව "සිරවී සිටින සංඛ්‍යාව තනි ඉලක්කමේ අගයක් විය හැකි" බව පෙන්වා දී තිබේ.

සිද්ධිය සිදුවූ ස්ථානය ඩිමා හසාවෝ දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක පිහිටා ඇත. එම ප්‍රදේශය ඉතා "දුෂ්කර" සහ "ළඟාවීමට අපහසු" බව දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මයන්ක් කුමාර් ජා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ පතල් ආශ්‍රිත විපත් සුලභය. 2018 දෙසැම්බර් මාසයේදී අසල්වැසි මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධී පතලක අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අසල ගඟකින් ගලා ආ ජලයෙන් සිරවී පස්දෙනෙකු බේරීයාමට සමත් වූ නමුත් අනෙක් අය වෙනුවෙන් බේරාගැනීමේ මෙහෙයුම ඊළඟ වසරේ මාර්තු මස මුල් සතිය දක්වා දිගටම පැවතුණි. කෙසේ වෙතත් මළසිරුරු දෙකක් පමණක් සොයාගැනීමට හැකි විය.

2024 ජනවාරි මාසයේදී නාගලන්ත ප්‍රාන්තයේ මීයන්-සිදුරු ගල්අඟුරු පතලක ගින්නක් ඇතිවීමෙන් කම්කරුවන් හයදෙනෙකු මියගියහ.