රංගන ශිල්පි රොෂාන් රණවනගේ ආදරණීය මෑණියන් පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර ඇගේ අවසන් කැමැත්ත මත අවමංගල්‍ය කටයුතු පැය 24 කින් අවසන් කර තිබේ.


මෑණියන්ගේ වියෝව පිළිබඳව රොෂාන් රණවන සිය ෆේස්බුක් ගිණුම තුළ සටහනක් තබා සඳහන් කර තිබුණේ, ගෙවුණු කාලපරිච්ඡේදය තුළ සිය පවුල සමඟ සංවේගය බෙදාගත් සියලුදෙනාට ම ස්තූතිවන්ත වන බවයි.

කරුණාව, සිනහව සහ ප්‍රීතිය පිරුණු මතකයන් තිළිණ කළ ආදරණීය මවකගේ පුතෙකු වීමට ලැබීම තමා ලද වරප්‍රසාදයක් වන බව ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.