companion-the-movie-about-buying-a-robot-and-falling-in-love

"කම්පැනියන්" කියන චිත්‍රපටය ගැන කතා කරමු. මේක අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. රොබෝවරියක් මිලට අරගෙන එයා මිනිස් ජීවිතයක් ලෙස හිතාගෙන එයත් එක්ක වැඩකරන අවශ්‍යතා සපුරගන්න මිනිස් පුද්ගලයින් ගැන තමා මේ කතාවෙ කියන්නෙ. "ජීවිත සහකරු" (Companion) නමින් හඳුන්වන මේ චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ සහ විහිළු මිශ්‍ර චිත්‍රපටයක්.

ඒත් චිත්‍රපටයෙ කතාව නං එච්චර හොඳ නෑ කියල කියන අයත් ඉන්නවා විචාරකයා එහෙම කියන්නේ. ඇයි?

මුලින්ම මේ චිත්‍රපටය "බ්ලැක් මිරර්" කියන ටීවී වැඩසටහන වගේ. බ්ලැක් මිරර් කියන්නේ අලුත් තාක්ෂණය නිසා මිනිස්සුන්ට වෙන නරක දේවල් ගැන කතා කරන ප්‍රසිද්ධ වැඩසටහනක්. දැන් ගොඩක් අය ඒ වගේ චිත්‍රපට හදනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි ජොෂ්. ඔහුව රඟපාන්නේ ජැක් ක්වේඩ් කියන නළුවා. ජැක් ක්වේඩ් කියන්නේ හොලිවුඩ් නළු නිළි යුවළක් වන මෙග් රයන් සහ ඩෙනිස් ක්වේඩ්ගේ පුතා. පිටින් බලද්දි ජොෂ් පේන්නේ හොඳ මිතුරෙක් විදිහට. කවුරුත් කැමති, ලස්සන පෙනුමක් තියෙන, හොඳ තරුණයෙක් වගේ. හැබැයි ඇතුළතින් ඔහු තමන්ගේ පෙම්වතිය පාලනය කරන්න හදන, ස්වාර්ථකාමී කෙනෙක්.

අනික් ප්‍රධාන චරිතය තමයි අයිරිස්. මේ චරිතය රඟපාන්නේ සොෆි තැචර් කියන තරුණ නිළිය. අයිරිස් ජොෂ්ට ගොඩක් ආදරෙයි. හැමවෙලේම ඔහු ළඟ ඉන්න කැමතියි. ඔහුට ඕන හැමදේම කරනවා. ඔහුව පැසසුම් කරනවා. මේක අපිට මුලදි පේන්නේ සාමාන්‍ය ආදර සම්බන්ධතාවයක් විදිහට.



මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ජොෂ් කියන පුද්ගලයා. පිටින් බැලුවම හොඳ කොල්ලෙක් වගේ පෙනුනට ඇතුළතින් නරක කෙනෙක්. ඔහුගේ පෙම්වතිය අයිරිස්. අයිරිස් ජොෂ්ට ගොඩක් ආදරෙයි, හැමවෙලේම ඔහු ළඟ ඉන්න කැමතියි.

ඊටපස්සේ අපිට දැනගන්න ලැබෙනවා ලොකු රහසක්. අයිරිස් ඇත්ත මිනිස් කෙනෙක් නෙවෙයි! ඇය රොබෝවරියක්. ජොෂ් ඇයව මිලදී අරගෙන, තමන්ට ඕන විදිහට හැසිරෙන්න ස්මාර්ට් ෆෝන් එකෙන් ප්‍රොග්‍රෑම් කරලා. ඔවුන්ගේ මුණගැහීම පවා සූපිරි වෙළඳසැලක සිදුවුණු හමුවීමක් විදිහට ප්‍රොග්‍රෑම් කරලා!

මේ වගේ චිත්‍රපටවල සාමාන්‍යයෙන් රොබෝවරු තමයි භයානක. හැබැයි මේකේ එහෙම නෙවෙයි. මේකේ භයානක මිනිස්සු - රොබෝවරුන්ව මිලදී අරගෙන ඔවුන්ව පාලනය කරන්න හදන මිනිස්සු.

විචාරකයා කියනවා මේ චිත්‍රපටය ලස්සනට හැදුවට, කතාව එච්චර හොඳ නෑ කියලා. විහිළු ටිකක් තියෙනවා, ඒත් ඒවා එච්චර හිනා යන්නෙත් නෑ. අන්තිමට තියෙන සටන් දර්ශන ටික "ටර්මිනේටර්" චිත්‍රපටය වගේ, ඒත් ඒත්රම් රසවත් නෑ.


චිත්‍රපටය අපෙන් අහනවා වැදගත් ප්‍රශ්න කිහිපයක්: - මොන වගේ මිනිහෙක්ද තමන්ට ආදරේ කරන කෙනෙක්ව මෙහෙම පාලනය කරන්න කැමති? - තාක්ෂණය පාවිච්චි කරලා මිනිස්සුන්ව පාලනය කරන එක හරිද? - මේ වගේ දේවල් කරන මිනිස්සුන්ට මොන වගේ දඬුවමක් දෙන්න ඕනේද?

මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඩ්‍රෘ හැන්කොක් කියන අලුත් අධ්‍යක්ෂවරයෙක්. ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක් වුණාට, කතා ලියන එක එච්චර හොඳ නෑ.
"ජීවිත සහකරු" චිත්‍රපටය උත්සාහ කරනවා වැදගත් දෙයක් කියන්න. අද කාලේ මිනිස්සු තාක්ෂණය පාවිච්චි කරන විදිහ ගැන, ආදර සබඳතා ගැන, පාලනය කරන ස්වභාවය ගැන කතා කරන්න හදනවා. හැබැයි ඒක කරන විදිහ තවත් ගැඹුරින් කරන්න තිබුණා. මේක උසස් තාක්ෂණය ගැන චිත්‍රපටයක් කියලා හිතුවට, අන්තිමට ඉතුරු වෙන්නේ සරල කතාවක් විතරයි.
ඩොලර් මිලියන 10ක් වියදම් කරලා ලස්සනට හැදුවට, කතාව ගොඩක් සරලයි. උසස් තාක්ෂණය ගැන චිත්‍රපටයක් කියලා හිතුවට, මේක හරිම සාමාන්‍ය එකක්.

"කම්පැනියන්" දැන් ශ්‍රී ලංකාවේ තිරගත වෙනවා. එහි ‍trailer පහතින්

_නේමින්ද