මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව සියලු මත්පැන් වර්ග සඳහා වන සුරාබදු 6% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත. මෙම මිල ඉහළ යාම ජනවාරි 10 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
මෙම වැඩිවීමත් සමඟ අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් බෝතලයක මිල රුපියල් 106ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනු ඇත. පසුගිය කාලය තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මත්පැන් පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, එමගින් රජයේ සුරාබදු ආදායම ද පහළ වැටී තිබේ.
ජනවාරි 11 වන දින සිට දුම්වැටි සඳහා ද මිල වැඩි කිරීමක් සිදු කෙරේ. මෙම මිල වැඩිවීම කාණ්ඩ 4ක් යටතේ සිදු කෙරෙන අතර:
CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටි - රුපියල් 5ක වැඩිවීමක්
Dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටි - රුපියල් 10ක වැඩිවීමක්
මෙම මිල වැඩිවීම් රජයේ ආදායම් ඉහළ නැංවීමේ උපාය මාර්ගයක් ලෙස හඳුනාගත හැකිය.
0 Comments