මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල මගින් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හදිසි සාකච්ඡාවකදීය.
සායනික පුහුණුව සඳහා රෝහල තුළ මහාචාර්ය ඒකකයක් පිහිටුවීමටත්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කේන්ද්‍ර කරගනිමින් අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමටත් යෝජනා වී තිබේ. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, මහා භාණ්ඩාගාරය, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයන් සහභාගී විය.
වර්තමානයේ මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 400ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, සිව්වන වසරේ සිසුන් මෙම වසර මැද භාගයේදී මහාචාර්ය පුහුණුව සඳහා යොමු කිරීමට නියමිතය. මේ සඳහා මෙතෙක් නිශ්චිත සැලසුම් සකස් වී නොතිබීම ගැටලුවක්ව පැවතිණි.
සායනික පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා:
- භෞතික හා මානව සම්පත් වර්ධනය
- යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
- ප්‍රවාහන පහසුකම් සැපයීම
- නේවාසික පහසුකම් සැලසීම
යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පුස්තකාලය නවීකරණය කිරීමේ සැලසුම් ද මෙහිදී ඉදිරිපත් විය. පුස්තකාලය ඩිජිටල්කරණය කිරීමටත්, විදේශීය පුස්තකාල සමඟ අන්තර්ජාල සම්බන්ධතා ඇති කිරීමටත් යෝජනා වී ඇත. මීට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය නවීන තාක්ෂණය භාවිතයෙන් වැඩිදියුණු කිරීමට ද තීරණය කර තිබේ.
0 Comments