
ස්කොට්ලන්තයේ West Calder හි පියකු සහ ඔහුගේ හය හැවිරිදි දියණිය මිය ගොස් සිටි බව සොයාගැනීමෙන් පසු, විශාල ඛේදවාචකයක් සිදුව ඇති බවට සැක සහිත කාරණා මතුව ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
සූපවේදී රැකියාවේ නියුතු මාර්ක් ගෝඩන් (36) පියා සහ හෝප් ගෝඩන් (06) දියණිය ලෙස හඳුනාගත් දෙදෙනාගේ මරණ දැනට "පැහැදිලි නොකළ" ඒවා ලෙස සැලකෙන අතර, මෙම සතියේදී මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
West Calder හි හාබර්න් ඩ්‍රයිව් හි පිහිටි නිවසේ තිබුණ මළ සිරුරු හමුවන්නේ දැරිය පාසල් නොපැමිණීම ගැන වාර්තාවීමෙන් පසු කළ පරීක්ෂණ වලදීය.
පොලිසිය සඳහන් කළේ සඳුදා දින දැරියගේ පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හදිසි සේවා කණ්ඩායම් එම නිවසට පැමිණි බවයි.
සිද්ධිය වන කාලයේ මොවුනගේ මව නිවසේ පදිංචිව සිට නැත. සිද්ධිය සැලවීමෙන් පසු දැරියගේ මව "කම්පනයට පත්ව දැඩි ශෝකයෙන් පසුවන" බව පොලිසිය වාර්තා කරයි.
අනුමාන කරන්නේ පවුලේ ඇතිවූ ප්‍රශ්නයක් මත පියා දියණිය මරා දිවිනසාගෙන ඇති බවකි.
පොලිස් මාධ්‍ය හමුවේදී ප්‍රධාන පොලිස් අධිකාරී බෑන්ක්ස් පැවසුවේ පාසල් දැරිය සම්බන්ධයෙන් මින් ඉහත අනාරක්ෂිත තොරතුරු පොලිසියට වාර්තාවී නොතිබූ බවයි. පොලිසිය මෙම පවුල සමඟ පෙර සම්බන්ධතා පවත්වා ඇති අතර ගැටලුකාරී දෙයක් වාර්තාවී නැතැයි පවසා ඇත.
විමර්ශන තවමත් මුල් අවධියක පවතින බැවින් මෙම අවස්ථාවේ මරණවල හේතුව පිළිබඳ විස්තර සඳහන් කිරීමට නොහැකි බව පොලිස් ප්‍රධානියා පැවසීය.
මළ සිරුරු හමුවූ ඔවුන් පදිංචිව සිටි නිවස පාර්ක්හෙඩ් ප්‍රාථමික පාසල අසල පිහිටා තිබුණද, හෝප් දැරිය ලිවිංස්ටන් හි ටොරොන්ටෝ ප්‍රාථමික පාසලේ සිසුවියක වූ අතර එය සැතපුම් පහක් පමණ දුරින් පිහිටා ඇත.
දැරිය ගැන විමසීමේදී විදුහල්පති ෆයෝනා ලින්ෆුට් පැවසුවේ "හෝප් දැරිය ප්‍රාථමික පාසල් පවුලේ බොහෝ ආදරයට පාත්‍ර වූ සාමාජිකාවක් වූ බවත් ඇය දීප්තිමත්, සතුටුදායක සහ ආදරණීය දැරියක් වූ බවත්ය" යනුවෙනි.
හෝප් තම දෙමාපියන් දෙදෙනා සමඟ වෙන වෙනම කාලය බෙදාගෙන සිටිමින් ගත කළ අතර, ඇය සඳුදා උදෑසන පන්තියට නොපැමිණීම හේතුවෙන් පාසල් කාර්ය මණ්ඩලය ඇය සොයන්නට විය.
මේ අතර එක් ඥාතියෙක් සූපවේදී මාර්ක්ගේ නිවසට ගොස් ඇතත්, දොරවල් වසා තිබීම නිසා. ඔවුන් පොලිසිය සම්බන්ධ කර ගිනි නිවන හමුදා සාමාජිකයන් සවස 4.00ට පමණ නිවසට බලෙන් ඇතුළු වීමෙන් පසු මළ සිරුරු හමුවී තිබේ.
මෙම මරණ හමුවූ ස්ථානයට බාහිර කෙනෙකු පැමිණි බවට සාධක හමුවී නැතැයි පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මරණ සිදුවූ ආකාරය ගැන තොරතුරු විමර්ශනය කරමින් පවතී.දියණිය මරා පියා සියදිවිනසාගත් ආකාරයක් පෙන්වන බව පොලිසිය අනුමාන කළත් තවම අවසන් නිගමනයට පැමිණ නැත.

Comments
Post a Comment
Your comment will be visible after approval