Sudden-deaths-road-accidents-and-drug-raids-that-occurred-yesterday-12-Police-report

 01. විදුලි සැර වැදී පුද්ගලයෙකු මියයාම - මොණරාගල පොලිස් වසම.

2025.01.12 වන දින දහවල් කාලයේදී මොණරාගල පොලිස් වසමේ සිරිපුර යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බවට මොණරාගල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.


මරණකරු වයස අවුරුදු 49 ක් වූ කදුරු වලාන, ඔක්කම්පිටිය. ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට හේනක් වටා යොදන ලද අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බවට සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනවසර විදුලි රැහැන් යෙදූ කටුවාමඩ, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



02. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.

2025.01.12 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපල අසලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්රෑම් 10 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

03. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මාදම්පිටිය පොලිස් ස්ථානය.

2025.01.12 වන දින සවස් කාලයේ මාදම්පිටිය පොලිස් වසමේ රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය ප්‍රදේශයේදී මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

04. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - අඟුලාන පොලිස් ස්ථානය.

2025.01.12 වන දින සවස් කාලයේ අඟුලාන පොලිස් වසමේ අඟුලාන දුම්රියපොල අසලදී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 540 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

05.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය.

2025.01.12 වන දින සවස් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 700 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 30 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

06. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.

2025.01.12 වන දින සවස් කාලයේ මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 100 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.




07. නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට - ඉංගිරිය පොලිස් ස්ථානය.

2025.01.12 වන දින උදෑසන කාලයේ ඉංගිරිය පොලිස් වසමේ අක්කර 60 ප්‍රදේශයේදී ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 50ක් (බෝතල් 67) ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන කුරණ, හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

08. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පුලියන්කුලම පොලිස් ස්ථානය.

2025.01.12 වන දින රාත්‍රී කාලයේ පුලියන්කුලම පොලිස් වසමේ ලයිකා ඥානම් ගම්මානය ප්‍රදේශයේදී පුලියන්කුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන පරසන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුලියන්කුලම පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

09.
තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද සිගරට් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගුවන්තොටුපල ඒකකය. - පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ

2025.01.12 වන දින රාත්‍රී කාලයේ හා 2025.01.13 වන අද දින අළුයම් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් බැංගලෝර් සිට තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද සිගරට් 4780 (කාටුන් 23) ක් සමග සැකකරුවෙකු හා ඩුබායි සිට තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද සිගරට් 25800 (කාටුන් 129) ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 හා 29 යන වයස්වල පසුවන ගෝනවල හා අධිකාරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



10. තීරු බදු රහිතව මෙරටට ගෙනවන ලද වියළි කහ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - දුගල්පිටිය පොලිස් ස්ථානය.

2025.01.12 වන දින රාත්‍රී කාලයේ දුන්ගල්පිටිය පොලිස් වසමේ සෙත්තප්පාඩුව ප්‍රදේශයේදී දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මුහුදු මාර්ගයෙන් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විවිධ බර අඩංගු වියළි කහ උර 101ක් ලොරි රථයකට පටවා තිබියදී සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 44 හා 47 යන වයස්වල පසුවන උතුරු පිටිපන හා සෙත්තප්පාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.දුන්ගල්පිටිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

11. පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට - වෙල්ලාවලි පොලිස් ස්ථානය.


2025.01.12 වන දින රාත්‍රී කාලයේ වෙල්ලාවලි පොලිස් වසමේ වෙල්ලාවලි හන්දිය අසලදී වෙල්ලාවලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර නිධන් හෑරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 42 හා 60 යන වයස්වල පසුවන උහන හා මඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

12. මාරක රිය අනතුරක් - වෙල්ලාවලි පොලිස් වසම.

2025.01.12 වන දින සවස් කාලයේ වෙල්ලාවලි පොලිස් වසමේ අම්බලන්තුරෙයි චවලකඩේ මාර්ගයේ පිලාලිවෙම්බු හන්දිය අසලදී වෙල්ලාවලි දෙස සිට ගාන්ධිපුරම් දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කළුවංචිකුඩි රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 43 ක් වූ සංර්කපුරම්, මණ්ඩුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කළුවංචිකුඩි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරින් පසු ට්‍රැක්ටර් රථයේ රියදුරු පලාගොස් සිට ඇති අතර ට්‍රැක්ටර් රථය පොලිස් භාරයට ගැනීමෙන් පසුව පලාගොස් සිටි ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
13.
මාරක රිය අනතුරක් - පින්නවල පොලිස් වසම.
2025.01.12 වන දින රාත්‍රී කාලයේ පින්නවල පොලිස් වසමේ කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ අමුපිටිය ප්‍රදේශයේදී පාදුක්ක දෙස සිට සීලගම දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කනුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 49ක් වූ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.