another-member-joins-the-british-royal-family

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් බියට්‍රිස් කුමරිය නව බිළිඳියක ප්‍රසූත කළ පුවත බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් වාර්තා කර තිබේ. බියට්‍රිස් යනු බ්‍රිතාන්‍ය කිරීටය දරන තුන්වන චාල්ස්ගේ සොයුරා වන ඇන්ඩෲ කුමරුගේ වැඩිමහල් දියණියයි. බ්‍රිතාන්‍ය සිංහාසනයට අනුප්‍රාප්තික පෙළපතේ පස්වන ස්ථානයේ උපත ලැබූ ඇය දැන් නවවන ස්ථානයේ සිටී.

ලන්ඩන් නුවර චෙල්සි සහ වෙස්ට්මින්ස්ටර් රෝහලේදී 2025 ජනවාරි 22 වන දින උපත ලැබූ බිළිඳියට  ඇතීනා එලිසබෙත් රෝස් මැපෙලි මොසි යන නම තබා තිබේ.
බියට්‍රිස් කුමරිය සහ එඩොවාර්ඩෝ මැපෙලි මොසි යුවළගේ දෙවන දියණිය වන්නේ ඇතීනාය.යුවළ 2020 වසරේදී විවාහ වූ අතර, ඔවුන්ගේ පළමු දරුවා වන සියෙනා 2021 සැප්තැම්බර් මාසයේදී උපත ලැබීය.


 නව සාමාජිකාව උපතේදී රාත්තල් 4 සහ අවුන්ස් 5ක් බර වූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුර වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය රාජ පරපුරේ සිංහාසන අනුපිළිවෙලේ 11 වන ස්ථානයට පත්ව ඇති ඇතීනා දැරිය, දිවංගත එලිසබෙත් මහ රැජිනගේ 14 වන මී මිණිබිරිය වේ.
රෝහල් වාර්තා අනුව මව සහ දරු දෙදෙනා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක පසුවන අතර, දැනට නිවසේදී පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් කාලය ගත කරමින් සිටී.
රාජකීය උපත් සම්ප්‍රදායට අනුව, දරු උපතේ නිල නිවේදනය බකිං හැම් මාලිගාවේ දොරටු ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙම සම්ප්‍රදාය මෙවරද අනුගමනය කර ඇත.
රජ පවුල් ගස අතුවිහිද යන්නේ පහත පරිදිය