ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රේණිගත කිරීම් වල වාර්තාවක් තබමින් ඉතිහාසගතවී තිබේ. ඔහු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු ලබා ගත් පන්දු යවන්නා බවට පත් විය.
බුම්රාගේ ගිණුමේ දැනට ශ්‍රේණිගත කිරීම් ලකුණු 907ක් ඇත. 2024-25 බෝඩර් - ගවස්කාර් කුසලානයේ දස්කම් සඳහා මෙම වාර්තාව බුම්රාගේ ගිණුමට එක් කර ඇත. මෙම කුසලානයේ මේ දක්වා ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 30ක් දවාගෙන ඇත. ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව බුම්රා තවදුරටත් පෙරමුණේ පසුවන්නේය.
ජස්ප්‍රිත් බුම්රා ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ගේ වාර්තාව අභිබවා යාමට සමත් විය. 2016 දී අශ්වින් ඉහළම ශ්‍රේණිගත කිරීම වන ලකුණු 904 ලබා ගත්තේය.
ශ්‍රේණිගත කිරීම් ලකුණු 907ක් සමඟින් අශ්වින්ගේ වාර්තාව බුම්රා බිඳ දමා ඇත.ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථාන දෙකේ සිටින්නේ එංගලන්තයේ සිඩ්නි ර්බන්ස් (932) සහ ශත වර්ෂයකට පෙර ක්‍රීඩා කළ ජෝර්ජ් ලෝමන් (931) ය. පාකිස්තානයේ හිටපු නායක ඉම්රාන් ඛාන් (922) සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් (920) තෙවැනි සහ සිව් වැනි ස්ථානයේ පසුවේ.
ජස්ප්‍රිත් බුම්රා ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම කඩුලු 200 දවාගත් දෙවැනි ඉන්දීය වේග පන්දු යවන්නා බවටද පත්විය. ජනප්‍රිය ක්‍රීඩක කපිල් දේව් 1983 දී ටෙස්ට් තරග 50කදී මෙම වාර්තාව ලබා ගත්තේය. බුම්රා මෙම සන්ධිස්ථානය ලබා ගත්තේ 44 වැනි ටෙස්ට් තරගයේදීය. රවීන්ද්‍ර ජඩේජා සමඟින් ටෙස්ට් කඩුලු 200ක් දවාගත් දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා බවට බුම්රා පත් විය. ආර් අශ්වින් මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටී. ඈෂ් ටෙස්ට් 37කදී ඔහුගේ 200 වැනි කඩුල්ල දවා ගත්තේය.
0 Comments