තල්ලු කරගෙන ගිය විල්බැරෝවක් විදුලි වයරයක ගැටීමෙන් අවුරුදු එක හමාරක් පමණ වයසැති සිඟිත්තෙක් 07දා පස්වරුවේදී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි ගල්ගමුව හදිසි මරණ පරීක්ෂක පී.එච්.එස්. රණවීර පැවැසීය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව, ගල්ලෑව, මකුළෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දරු දෙදෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූ ඩී.එම්.නෙලීෂ අයාෂ් නමැති සිඟිත්තෙකි.
මෙම දරුවා තම නිවසේ මිදුලේ තිබූ විල්බැරෝවක් තල්ලු කරගෙන මීටර් 15ක් පමණ දුරින් යුත් යාබද නිවසට යමින් සිටියදී එම නිවෙසේ විදුලි මීටරය අසල පොළවට සම්බන්ධ කර ඇති විදුලි වයරයේ යකඩ විල්බැරෝව දැවටීමේදී 07දා පස්වරු 4.00 – 4.30ත් අතර කාලයේදී දරුවාට විදුලි සැර වැදී තිබේ. ඒ සැණින් දරුවා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇතත් බිලි¼දා ඒ වනවිටත් මියගොස් සිටි නිසා අධිකරණ වෛද්‍යවරයෙකු යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා 07දා රාත්‍රියේදීම මෘත දේහය කුරුණෑගල රෝහලට යැවූ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම දරුවාගේ පියා විදෙස්ගතවය. මේ නිසා මුල් නිවෙස අතහැර ඔවුන් කුලී පදනමට ගල්ගමුව, නිතලව ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත මරණය සිදු වී ඇතැයිද හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
පොල්පිතිගම – නන්දන කැලේගම
0 Comments