chamara-sampath-70-lakhs

ජාතික ජන බලවේග රජයේ නව මුලපිරීමක් වන "Clean Sri Lanka" ව්‍යාපෘතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් ඇති විය. මෙම වැඩසටහන ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් වන අතර, එය ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් අරමුණු කරගෙන සැලසුම් කර ඇත.



පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් මෙම උත්සවය සඳහා රුපියල් ලක්ෂ 70ක මුදලක් වැය කළ බවට කරන ලද ප්‍රකාශය සාමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.
නාස්තිය දූෂණය ගැන වහසි බස් දෙඩූ බවට ඇතැමුන් ආන්ඩුවට ඇඟිල්ල දිගු කලේය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැඩි ප්‍රතිචාර දැක්වීය. ඔහු පැහැදිලි කළේ සමාරම්භක උත්සවය සඳහා රජය වියදම් කර ඇත්තේ රුපියල් ලක්ෂ 09කට අඩු මුදලක් බවයි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා

සඳහන් කළ මිල ගණන් ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වූ ලංසුවක මිල ගණන් සමඟ පටලවාගෙන ඇති බවයි. එනම්, එය වැය කළ මුදල නොව, ටෙන්ඩර් කැඳවීමේදී අනුමත නොවූ නමුත් කිසිවෙකු ඉදිරිපත් වූ මිල ගණන් ලැයිස්තුවක් බව ඔහු අවධාරණය කළේය.

පසුගිය ජනවාරි 09 වන දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා තමා සඳහන් කළ කරුණු අසත්‍ය නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රතිඥා දුන්නේය. කෙසේ වෙතත්, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම තත්ත්වය සම්බන්ධයෙන් කීවේ මන්ත්‍රීවරයාට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන බවය.