chathurika-sirisena-sequrity-remanded

විදේශ රට­ව­ලින් ආන­ය­නය කර නිෂ්කා­ශ­නය නොක­රන ලද සුඛෝ­ප­භෝගි වාහ­න­වල ඡායා­රූප පෙන්වා සුඛෝ­ප­භෝගී මෝටර් රථ­යක් ලබා දීමට හැකි බව පව­ස­මින් රුපි­යල් 27,660,000 මුද­ලක් වංචා කළැයි කියන සිද්ධි­යට අදාළ තවත් සැක­ක­රු­වන් සිටී නම් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට වහාම ඉදි­රි­පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ (9) නියෝග කළාය.



මෙම සිද්ධිය පිටු­පස සිටින්නේ තම සේවා­දා­ය­කයා නොව හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ දිය­ණිය වන චතු­රිකා සිරි­සේ­නගේ ආර­ක්ෂක නිල­ධා­රි­යකු බව සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යේදී ප්‍රකාශ කළ අව­ස්ථා­වේදී මෙලෙස නියෝග කරන ලදි.

ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සේව­ක­යකු වන ගුණ­සි­රි­ලාල් නමැති සැක­ක­රු­වකු සම්බ­න්ධව නඩු­වක් ඊයේ අධි­ක­ර­ණය හමුවේ නැවත කැඳවූ අව­ස්ථා­වේදී සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ හරිස්ක සම­ර­නා­යක මහතා අධි­ක­ර­ණ­යට මේ බව දැනුම් දුන්නේය.

තම සේවා­දා­ය­ක­යාට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ නඩු පවරා ඇතත් සැබ­වින්ම මෙම සිද්ධිය පිටු­පස සිටින ආර­ක්ෂ­කයා අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අපො­හො­සත්ව ඇති බවද නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැන්වීය.



මෙම සිද්ධියේ සැක­කරු තම සේවා­දා­ය­කයා වන ගුණ­සි­රි­ලාල් නමැත්තා එම ආර­ක්ෂක නිල­ධා­රි­යාගේ හිත­ව­තෙකු බවත් කොළඹ වරායේ තිබෙන නිෂ්කා­ශ­නය නොකළ වාහන අටක් පිළි­බ­ඳව ඡායා­රූප සමඟ තොර­තුරු තම සේවා­දා­ය­ක­යාට ලබා දී ඇත්තේ එම ආර­ක්ෂක නිල­ධා­රියා බවද නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

එම ආර­ක්ෂක නිල­ධා­රියා විසින් ලබා දුන් ඡායා­රූප අටක් තම සේවා­දා­ය­කයා දන්නා හඳු­නන වැලි­මඩ ප්‍රදේ­ශයේ පදිංචි පැමි­ණි­ලි­කාර සම්සු­දීන් නමැති අයට යවා ඇති බවද ඒ අනුව පැමි­ණි­ලි­කරු විසින් එම වාහ­න­යක් ගැනීම සඳහා සැක­ක­රු­වන් කිහි­ප­දෙ­නෙ­කුගේ ගිණු­ම්ව­ලට රුපි­යල් 2,7660000ක මුදල් බැර කර ඇති බවද නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැන්වීය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් තවත් සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විම­ර්ශන සිදු කරන බවද පැමි­ණිල්ල මෙහෙ­ය­වන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මෙහිදී අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා හා පැමි­ණිල්ල මෙහෙ­යවූ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම සිද්ධි­යට සම්බන්ධ සියලු සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසද නියෝග කළේය.
(කල්පනි අබේ­සිංහ)