etraffic-app-police

පොලිස් මූල­ස්ථා­නයේ ‘ඊ ට්‍රැෆික්‘ ජංගම දුර­ක­තන යෙද­වුම සඳහා පැය 24ක පමණ කාල­යක් තුළ දී රථ වාහන වැරදි සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි 120ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීති­වේදී බුද්ධික මන­තුංග මහතා පැව­සීය.





ඒ යටතේ වීඩියෝ දර්ශන පැමි­ණිලි හා ඡායා­රූප පැමි­ණිලි ද මහ­ජ­න­තා­ව­ගෙන් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා කීය.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හන හා සම­ගා­මීව ශ්‍රී ලංකා පොලී­සිය විසින් ක්‍රියා­ත්මක කරන ලද වැඩ­පි­ළි­වෙ­ළෙහි පළමු අංගය ලෙස රථ­වා­හන වැරදි අවම කර ගැනීම සඳහා මහ­ජන සහ­භා­ගි­ත්වය ලබා ගැනීම අර­මුණු කර­ගෙන ‘ඊ ට්‍රැෆික්’ නමැති ජංගම දුර­ක­තන යෙද­වුම පොලිස් මූල­ස්ථා­නයේ දී වැඩ බලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (1) එළි­ද­ක්වනු ලැබීය.

පොලිස් මූල­ස්ථා­නයේ ස්ථාපිත කර ඇති මෙහෙ­යුම් මැදි­රිය මඟින් එම ඡායා­රූප හෝ වීඩි­යෝ­පට අධ්‍ය­ය­නය කිරී­මෙන් අන­තු­රුව විම­ර්ශන සඳහා අදාළ ආය­තන වෙත යොමු කරන බව මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා කීය.

මහජනතාවට www.police.lk වෙබ් අඩවියේ E-services කොටසින් මෙම යෙදවුම නොමිලේ බාගත කර ගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දන්වා සිටී. e-Traffic යෙදවුම ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ දුරකථන සඳහා පමණක් දැනට හඳුන්වාදී ඇත.
ඇප් එක බාගැනීමට යොමුව
https://srilanka-etraffic-app.vercel.app/