ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ මත්පැන් වර්ගයක් ප්‍රවර්ධනය කරමින් දැන්වීමක් පළ කළ බවට වරද පිළිගත් තරුණයකුට රුපියල් 25,000ක දඩයක් මතුගම අතිරේක මහේස්ත්‍රාත් එන්. නානායක්කාර මහත්මිය ඉකුත් දා නියම කළාය. මෙවැනි දැන්වීම් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් ළමා පරපුරට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් නැවත එම වරද නොකරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරිය චූදිතට තරයේ අවවාද කළාය.
මෙලෙස දඩ නියම කරනු ලැබුවේ අනුරාධපුර, කුරුන්දන්කුලම, කලත්තෑව ප්‍රදේශයේ පදිංචි ශාලිත මධුවන්ත මල්ලවගේ නමැති පුද්ගලයකුටය. ප්‍රසිද්ධ මත්පැන් වර්ගයක නමක් සටහන් කරමින්, එහි ඡායාරූපයක් සමඟ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ දැන්වීමක් පළ කිරීම පිළිබඳව මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික ඉන්ද්‍රජිත් මුණසිංහ සහ වැලිපැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. මධුෂාන් විසින් පරීක්ෂණ පවත්වනු ලැබ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ උපදෙස් අනුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට සමාජ මාධ්‍යයේ පළවූ මධ්‍යසාර ප්‍රවර්ධන දැන්වීමක් පිළිබඳව අධිකරණයට සැකකරුවකු ඉදිරිපත් කළ මෙම සිදුවීමේදී, එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සැකකරුගේ විස්තර සොයාගෙන ඔහුට කැඳවීම් කළත් ඔහු ඉදිරිපත් නොවීම නිසා 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ 35 (1) වගන්තිය උල්ලංඝනය කරමින් වරදක් සිදුකිරීම පිළිබඳව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
(මතුගම - බී.ටී. තඹවිට)
0 Comments