gnasara-imprisoned

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම නිසා නැවත සිරගතවී තිබේ.



ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය
 මාස 09 ක සිරදඬුවමක් නියම කර තිබෙන අතර එය බරපතල එකක් නොව  ලිහිල් එකක් ලෙස නම් කර තිබේ.
 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (08) මෙම නියෝගයට අමතරව රුපියල් 1500 ක දඩයක් නියම කරන බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  සඳහන් කළේය.



2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශ කිරීම හේතුවෙන් වසර 4 ක සිර දඬුවමකට ලක් වී  දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ සිරගතවී සිටියද ජනාධිපති සමාව යටතේ නිදහස ලබා සිටි‍යහ. මෑතක දී හිමියන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබූ අතර හිමියන්ගේ ප්‍රකාශ නිසා ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව අධිකරණය තීරණය කර ඇත.