government-salary-increse

 මෙවර අය – වැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකිරීමට නියමිත බවත් රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  විරෝධයක් නොමැති බවත්  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවැසීය.



ඔහු ප්‍රකාශ කළේ ලිහන්න තිබෙන මල්ල ඔබා බැලීම නිෂ්ඵල ක්‍රියාවක් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක  විසින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ඔහු විමසුවේ රාජ්‍ය සේවකයාට රුපියල් 25,000කින් වැටුප් වැඩි කරනවාද යන්නය. ඇමැති මහින්ද ජයසිංහ මේ බවද කීය.

“රු. 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයන් මුළා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි.”